IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


දරු තිදෙනා පොලීසියට දී කෝච්චියට පනින්න ගිය මවගේ උත්සාහය වරදී

 

(රංජිත් රාජපක්ෂ )                     

තම දරුවන් තිදෙනා  හැටන් පොලිසියේ කාන්තා කාර්යංශය වෙත භාර දි දුම්රියට පැන සියදිවි හානි කර ගැනිමට උත්සහ කළ තිදරු මවක්  පොලිස් භාරයට ගෙන දික්ඔය මුලික රෝහලට ඇතුළු  කිරිමට හැටන් පොලිසියේ කාන්තා කාර්යංශයේ නිලධාරින් කටයුතු කර තිබේ.

හැටන් දික්ඔය ප්‍රදේශයේ පදිංචි තිදරු මව හැටන් පොලිසිය වෙත පැමිණ තම සැමියා සමග ජිවත් විමට නොහැකි බව පවසා ඇත.

පසුව ඇය  වයස අවු 08,06,04 වයස් වල පසුවන පිරිමි දරුවන් දෙදෙනෙකු සහ එක් ගැහැණු දරුවෙකු ඇතුළු දරුවන් තිදෙනා පොලිස් භාරයට ගන්නා ලෙස පවසමින් ඉල්ලීමක් කර තිබේ.

අනතුරුව හැටන් පොලිසියේ කාන්තා කාර්යංශයේ දරුවන් තිදෙනා රදවා ඇය දුම්රිය ස්ථානය වෙත ගමන් කිරිමට උත්සා කිරිමේදි කාන්තා පොලිස් නිලධාරින් එම තිදරු මව පොලිස් භාරයට ගෙන දික්ඔය මුලික රෝහල වෙත භාර දි දරුවන් තිදෙනා පියා වෙත භාර දිමට කටයුතු කළ බව පොලීසිය කියයි.

 



අදහස් (7)

දරු තිදෙනා පොලීසියට දී කෝච්චියට පනින්න ගිය මවගේ උත්සාහය වරදී

Pradeep Kumara Wednesday, 10 July 2024 10:10 AM

මේ පවුලේ අයට ඉතාමත් ඉක්මණින් තුන්වන පාර්ශවයක මැදිහත් වීමක් අවශ්‍යයි. ලොකු විනාශයක් වීමට පෙර හැකි කෙනෙක්, අවට සිටින කෙනෙක් ඔවුන්ට පිහිට වෙන්න. එසේ නොවුන හොත් අසරණ දරු පැටවුන්ට යන කල කුමක්ද?

:       0       36

රංබොඩ Wednesday, 10 July 2024 10:38 AM

අහිංසක මවක්. ආර්ථික ප්‍රශ්න දරා ගන්නත් බෑ. දරුවන්ට අනතුරක් කරන්නත් බෑ. ඈ ගැන වැඩි විස්තර දැනගත් වහාම රටේ සුදන ජන උදව් කරන එක විශ්වාසයි

:       0       12

කරුණාරත්න Wednesday, 10 July 2024 01:47 PM

අහිංසක, අසරණ, කාරුණිකව අම්මා කෙනෙක්. මිනිස්සු මොනතරම් අසරණ ද. පව් මේ අම්මා. කියන්න කෙනෙක් නැති තැන පොලිසියට දරුවෝ බාර දීල. තමන් මැරෙන්න ගිහින්. මේ දරුවන්ටයි, අම්මටයි පිහිටක් වෙමු. අපිත් අම්මලා, දරුවෝ ඉන්න අය විදියට.

:       0       9

ලසන්ත Wednesday, 10 July 2024 02:58 PM

මේ අම්මාව නිවැරදි ප්‍රතිකාර සඳහා යොමු කරන්න. බැංකු ගිණුමක් ඇත්නම් විස්තර පලකරන්න.

:       0       5

රේණුකා Wednesday, 10 July 2024 03:26 PM

පව් ආර්ථික අපහසුතා නිසා වෙන්න ඇති. දරුවන් නැති කෙනෙක්ට දරුකමට හදාගන්න ගන්න පුළුවන්ද?

:       0       4

lankasiri Wednesday, 10 July 2024 05:55 PM

බැංකු ගිණුමක් පලකිරීම ඉතා වැදගත්...

:       0       1

Ruwan De Silva Thursday, 11 July 2024 03:00 PM

දේශපාලුවෝ හින්දා දුක්විදින මිනිස්සු අහෝ දෙයියනේ දෙයියොත් උදව් කරන්නේ හොරුන්ට ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 569 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 281 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site