(සුජිත් හේවාජුලිගේ)

ඈත දුර බැහැර ප්‍රදේශවල සිට පැමිණෙන විශේෂඥ වෛද්‍යවරුන්ට අමතර ඉන්ධන කෝටාවක් ලබාදීමට අවධානය යොමුවී ඇතැයි සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පැවසීය.

මේ අනුව විශේෂඥ වෛද්‍යවරුන්ගේ පැමිණීම සම්බන්ධයෙන් විස්තර වාර්තාවක් ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරමින් සිටී.

මීට අමතරව ඈත දුර බැහැර ප්‍රදේශවල සිට පැමිණෙන සෞඛ්‍ය අංශයේ සෙසු නිලධාරීන් සහ සේවකයන්ටද යම් වැඩිපුර ඉන්ධන ප්‍රමාණයක් ලබාදීමට සලකා බලන බව නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මේ අතර ගිලන්රථවලට අවශ්‍ය ඉන්ධන කෝටාවෙන් බැහැරව නිකුත් කරන ලෙසට පිරවුම් හල්වලට නියෝග කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය.