(යොහාන් භාසුර)
විදේශගතව සිටි මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා නැවත ඊයේ (28) පස්වරුවේ කොල්ලුපිටියේ පිහිටි මුද්‍රා තබා ඇති කාර්යාලයට පැමිණිය ද පොලිසිය කාර්යාලය විවෘත කිරීමට නොපැමිණිමෙන් ඒ මහතා දැඩි අපහසුතාවට පත්විය.
ඒ මහතා විදේශගතව සිටියදී අධිකරණ නියෝගයක් මත කොල්ලුපිටිය පොලිසිය කාර්යාලයට පසුගිය මස 16 වැනිදා මුද්‍රා තැබූ අතර ඒ මහතා පැමිණි පසුව විවෘත කරන බව ද ප්‍රකාශ විය.
කෙසේ වෙතත් රත්නායක මහතා පැවසුවේ කාර්යාලය විවෘත කරන ලෙස කොල්ලුපිටිය පොලිසියෙන් ලිඛිතව ඉල්ලා තිබුණ ද නිලධාරීන් නොමැති යැයි පවසා විවෘත නොකළ බවයි.
අදාල කාර්යාලයට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද පැමිණි ගොස් ඇති බවට දැනගන්නට තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ කැලේ නීතිය රජ වෙලා. මෙවැනි නරක තත්වය උඩ, අවනීතිය රජ වෙනකොට, ලෝකේ කිසිම ආයතනයකින් හෝ ආධාර ලැබෙන්නේ නැහැ.
මේකට කියන්නෙ රාජ්ය ත්‍රස්තවාඩය කියල. නීතිය වල් බිහි වෙලා.තමන්ගෙ පැවැත්ම පමනක් හරි යයි සිතන පාලකයන් තමන්ගෙ පැවැත්ම වෙනුවෙන් නීතිය නමා ගන්නව. .
අර රනිල් උසාවියටත් ඉහළින් දැන් වැඩ කරන්නේ... එයාව යවන්නේ නැතිව මුකුත් කරන්න බැහැ.
පඩිය ලැබෙනවා නම් තව වෙන මොනවාද? ඔබ හරිම පින්වන්තයි...
පොලිසියේ නිළධාරින් නැත්නම් ඒකත් මුද්‍රා තබා වසාදමන්න .අපරාදෙ විදුලිය හා ජලය නාස්ති වෙනවා ඇති .ඕක තමයි කොහේදෝ පොලිසියක ජීප් එකේ කුණුහරුප ලියන්න ඇත්තෙ. යසට තිබුන රටක් පොලිසිය වැටිච්ච තැනක්