(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා සම්බන්ධයෙන් ඇත්තෙන්ම කණගාටු වන්නේ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා අද (05) පැවසීය.
ඔහුට දීලා තියෙන්නේ විහිළු ඇමතිකමක් යැයි පැවසීමෙන් ඔහු මාස අටක් ජනතාවට විහිළු සැපයූයේ යැයි පිළිගන්නා බවත් දයාසිරි ජයසේකර මහතා එවැනි දේ පැවසුව ද ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සභාපතිවරයා ඇතුළු සෙසු සියලුම ප්‍රධානීන් රට පත්ව ඇති තත්වය තේරීම් ගෙන රජයට සහයෝගය දක්වන බවත් නීතිඥා සාගර කාරියවසම් මහතා පැවසීය.
බැසිල් මහතා ‘කොවිඩ්’ මර්දන කාර්ය සාධක බලකායේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ යැයි පදනමේ සිට ජයසේකර මහතා ප්‍රකාශ කරන බවත් බැසිල් රාජපක්‍ෂ මහතා එම කමිටුවේ කිසිඳු තනතුරක් හෝ අවම වශයෙන් සාමාජිකයෙක් හැටියටවත් කටයුතු නොකළේ යැයි රාජ්‍ය අමාත්‍යවරයකු ලෙස ජයසේකර මහතා නොදන්නා බවත් කාරියවසම් මහතා කීය.
සාගර කාරියවසම් මහතා පැවසුවේ දයාසිරි ජයසේකර මහතාගේ අවබෝධය මදතාවය පිළිබඳව කළ හැකි දෙයක් නොමැති බවත්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලේකම්තුමනි, ඔබ කණගාටු වෙන්න එපා. අපි ඉන්නවා ඒවට... එතුමාටත් අඩුම තරමින් කැසිකිලි පෝච්චි හදන්නවත් දුන්නා නම් එතුමාගේ මානසික තත්වය හරිගස්සන්න තිබුණා. කොහේද ඒවා හොයාගන්න වුණෙත් එහෙමනේ..?
ගම්මන්පිල ගැන කණගාටු නැතුව ඇති නේද?
ජාතික හෘදසාක්ෂියක් සහිත පාර්ලිමේන්තුවක් හෝ නියෝජන ක්‍රමයක් අපට නැත. ඇත්තේ පෞද්ගලික බල සහ ධන අරමුණු සහිත බහුතර පිරිසක් රැස්වන පාර්ලිමේන්තුවක්ය. දැන්වත් පොදුජනයාට දේශපාලනය තබා ඒ වචනයත් එපාවී ඇත්තේ, නියෝජනයක් නැති, වගකීම් විරහිත, පොදුජන හෘදසාක්ෂියක් නැති සහ ජාතික හෘදසාක්ෂියක් නැති මෙරට පාර්ලිමේන්තු නියෝජන ක්‍රමය නිසායි.
බැසිල් කියන්නේ අපිට මාතෘකාවක් නොවෙයි... ඔහු චෝදනා ලද්දෙක්...
අපිට නම් දුක මේ වගේ ගොන් කතා අහගෙන ඉන්න වුණු අපි ගැනයි.