(තරංග ගුණරත්න)

වැලිගම කප්පරතොට සහ වැලිගම පැලෑන  මුහුදෙහි   ධීවර කටයුතුවල නිරත  යාත්‍රා දෙකක්  දියරැළකට හසුවී අනතුරට පත්වු ධීවරයන් 6දෙනෙකු    අද (13 ) නිරුපද්‍රිතව වෙනත් ධීවර යාත්‍රා මගින් බේරාගෙන තිබේ.

ඊයේ ( 12 ) දින  පස්වරුවේදි වැලිගම කප්පරතොට සහ වැලිගම පැලෑන පෙදෙසෙන්  ධීවර කටයුතු සඳහා මුහුදු ගිය කුඩා  ධීවර යාත්‍රා දෙකක්  අද  උදෑසන   නැවත ගොඩබිම දක්වා යාත්‍රාව ගමන් කරන අතරතුරදී  දිය රළකට හසු වී ඇත.මේ හේතුවෙන්  යාත්‍රා 2 ක් අනතුරට පත්ව තිබිණි.