(රොමේෂ් මධුෂංඛ)
යාපනය කොකුවිල් දුම්රිය ස්ථානයට ආසන්නයේ දුම්රිය හරස් මාර්ගයකදී පාපැදියකින් ගමන්කිරීමට ගත් උත්සහයකදී දුම්රියේ ගැටීමෙන් තරුණියක් මිය ගොස් ඇගේ පියා බරපතල තුවාල ලබා ඇති බවට කෝපායි පොලීසිය පවසයි.
මිය ගොස් ඇත්තේ කොකුවිල් ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණියකි.
කොකුවිල් දුම්රිය ස්ථානයට මීටර් 100 ක් පමණ දුරින් පිහිටි දුම්රිය හරස්මාර්ගයදී මෙම අනතුර සිදුව ඇත.
කොළඹ සිට කන්කසන්තුරෙයි දක්වා ධාවනය වූ නගරාන්තර සීග්‍රගාමී දුම්රියට මෙලෙස පාපැදියක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
එහිදී මිය ගිය තරුණිය පාපැදියෙන් දුම්රිය හරස් මාර්ගය හරහා ගමන්කරන අවස්ථාවේදි තරුණිය දුම්රිය දැක නොමැති අතරම දුම්රිය පැමිණෙන බව දුටු තරුණියගේ පියා විසින් දිව ගොස් දියණිය බේරා ගැනීමට උත්සහ ගැනීමේදී පියා දුම්රියේ ගැටී විසි වී තිබේ.
නමුත් තරුණිය දුම්රියට යට වී ඇති බවට ප්‍රදේශවාසීන් පැවසූහ.
අනතුරින් බරපතල තුවාල ලැබූ පියා රෝහලගත කොට ඇති අතර තරුණිය එම ස්ථානයේම මිය ගොස් තිබුණි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
දියණිය බේරගන්න දුම්රියට පැන්න පියාට බරපතලයි