IMG-LOGO

දියණිය අලියාගෙන් බේරා මාරාන්තික සටනක් කරලා

(ලේකම්ගේ අනුර)

පාසල් යාමට සූදානමින් සිටි 13 හැවිරි පාසල් සිසුවියක ආච්චි අම්මාගේ නිවසේ සිට තම නිවෙසට දෙගට යමින් සිටියදි ඉදිරියට කඩාවැඳුණු වල් අලියකු  ඇය ඔසවා මීටර් කීපයක් දුරට විසිකර ඇය පාගා මරාදැමීමට සූදිනම් වෙද්දී මව හා ආච්චි අම්මා එක්ව අලියා සමග මාරාන්තික සටනක් කර ඇගේ ජීවිතය බේරාගත් පුවතක් තඹුත්තේගම තේක්කවත්ත ගම්මානයෙන් වාර්තා වෙයි.

තඹුත්තේගම නල්ලච්චිය පාසලේ ඉගෙනුම ලබන මෙම දැරිය අද (26) අලුයම පාසල් යාමට සූදානම් වන අවස්ථාවේ තම ආච්චි අම්මාගේ නිවෙස දෙසට වල් අලි පැමිණි බවට ලද ආරංචියක් සමග ඇගේ මව සමග ඊට දුරින් පිහිටි ආච්චි අම්මාගේ නිවස දෙසට ගොස් ඇත.

මව ආච්චි අම්මගේ නිවෙසේ සිටියදි මෙම දැරිය තම නිවස දෙසට යමින් සිටියදි කැලෑවෙන් මතු වූ සද්ධන්ත අලියකු හොඬෙන් අල්ලා මෙම දැරිය විසිකර ඇය වැටි සිටි දෙසට පැමිණෙ ඇත්තේ අගේ ජීවිතයට හානියක් සිදු කිරීමේ අරමුනින් බව ඇගේ මව කීවාය.

දියණිය වැටී සිටි දෙසට දිව ආ මව සහ ඇගේ ආච්චි අම්මා මාරාන්තික සිටන් කර පාරේ වැටී සිටි දියණිය කම්බ්වැටෙන් මෙපිටට ඇද ඇගේ ජීවිතය බේරගෙන ඇත.

 



අදහස් (8)

දියණිය අලියාගෙන් බේරා මාරාන්තික සටනක් කරලා

Pradeep Kumara Wednesday, 26 January 2022 05:39 PM

තෙරුවන් සරණයි දුවේ...

:       1       47

fairoos Wednesday, 26 January 2022 05:41 PM

පව් අහිංසක පවුල්...

:       2       48

පැරකුම්Thursday, 27 January 2022 09:19 AM

පව් කියලා නිකන් හිටියට මදි. අහිංසක ජනතාවගේ ආරක්ෂාවට සුදුසු ක්‍රියාමාර්ග ගතයුතුයි. අපට ඔච්චර අලි මොකටද? පවතින වන සම්පතට ගැලපෙන පරිදි අලි ගහනය පාලනය කළයුතුයි. අපගේ ප්‍රමුඛතාවය මිනිසා මිස අලියා නොවේ. මට බලතල ඇත්නම් කරන දේ දනිමි...!

:       0       0

jagath Wednesday, 26 January 2022 06:51 PM

ශ්‍රේෂ්ඨ මවක්, මිත්තණියක් සහ වාසනාවන්ත දුවෙක්...

:       0       0

SUNIL MILANO Wednesday, 26 January 2022 07:50 PM

දුවට බුදුසරණයි දුවේ. අම්මත්, ආච්චි අම්මත් දවසක ඇස්දෙක වගේ බලාගන්න දුවේ. නුඹට දෙවැනි වරටත් ජීවිතය ලබාදුන් අම්මාව රැකගන්න දුවේ. බුදුසරණයි.

:       1       41

chaminda Wednesday, 26 January 2022 08:52 PM

ගම් වදින අලින්ට වෙඩි තැබීමට මෙතරම් මැලි වන්නේ ඇයි? ඒ ගම්වල වෙසෙන මිනිසුන්ගේ ජීවිත නගරයේ ජීවත්වන මිනිසුන්ගේ ජීවිත තරම් වටින්නේ නැති නිසාද?

:       0       0

Perera Wednesday, 26 January 2022 08:57 PM

අපේ පන්සලට කියන්නේ, මෙන්න මේ අම්මටයි, ආච්චිටයි දෙන්න අර “ශ්‍රී ලංකාධීශ්වර පද්ම විභූෂණ” සම්මානය...

:       0       0

JAYATH Thursday, 27 January 2022 12:51 PM

අම්මා වරුණේ ...... අම්මා වරුණේ .......සම්මා සම්බුදු අම්මා වරුණේ ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 64 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 974 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site