IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


දියගම හදන වැඩේ හමුදාවට

(අංජුල මහික වීරරත්න)

දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීම යුද හමුදාවට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

දියගම මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගනය සංවර්ධනය කිරීමට අදාලව දැනට ක්‍රියාත්මක වෙමින් පවතින හා ක්‍රියාත්මක කිරීමට යෝජිත නව උප ව්‍යාපෘති වල ඉදිකිරීම් කටයුතු ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙතින් ඉටු කරවා ගැනීම පිණිස 2024-01-08 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.

 ඒ අනුව එම ක්‍රීඩාංගනයේ කණිෂ්ඨ ක්‍රීඩාගාරයෙහි සහ නව මලල ක්‍රීඩා පිටියේ දෙවන නැරඹුම් පිඨිකාවෙහි වහලයන් ඉදි කිරීමට සැලසුම් කර තිබේ. 

එකී ඉදිකිරීම් කාර්යයන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙතින් ඉටු කරවා ගැනීම පිණිස ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (3)

දියගම හදන වැඩේ හමුදාවට

ඇන්ඩ්රු සෙබඩවිල Tuesday, 25 June 2024 09:29 PM

ඔය ක්‍රීඩාංගනයට මහින්ද රාජපක්ෂ නම තියෙන්නේ තව මාස කීපයකටයි. ජනපතිවරණයෙන් අපගේ අනුර සහෝදරයා ජයගත් විගස මාලිමා ක්‍රීඩාංගනය ලෙස නාමකරණය කරනු ඇත.

:       7       2

Chandra Tuesday, 25 June 2024 11:05 PM

ඒක නියමයි. යුද්දෙන් පස්සෙ මන්නාරම පැත්තෙ පාරවල් හැදුවා වගේ අනිකුත් රජයේ නිලධාරීන් දාලා පේමන්ට් අනුමත කරවගෙන හොද සුද්දෙකුත් දීල, නිකන් නෙමෙයි හමුදාවේ ගිනුම් නිසා කාටවත් අල්ලන්න බැරිවෙන්න, තව ඕනැනම් හමුදාවේ ලොක්කන්ටත් හිතේ හැටියට භුක්ති විදින්න ඉඩ දීලා, අන්තිමට පේමන්ට් අත්සන් කරපු නිලධාරීන්ටත් මන්නාරමේ වැඩේට හවුල් වුනු නිලධාරීන්ට දුන්න වගේ, අධ්යාපන චාරිකාවක් කියලා අමෙරිකාවේ බිග් බස් ටුවර් ඵකකුත් දෙන්න පුලුවන් ලාස් වේගාස් ගිහින් කැසිනෝත් ගහලා ආපහු ඇවිත් කට පියාගෙන ඉදිල්ලා කියල.

:       2       4

Nuvan Chaminda Wednesday, 26 June 2024 06:13 AM

රජයේ මුදල් හා රජයේ හමුදාව පුද්ගලික දේවල් සංවර්ධනය කරන්න යෙදීම වරදක් නොවෙයිද 1970-77 කාලයේ සිරිමාවෝ මැතිණිය වැසිකිළි හැර හැමදේටම බණ්ඩාරනායක නම යෙදුවා වගේ එකල ආණ්ඩුවේ හිටපු ලාබාලම මංත්‍රී මහින්ද ඔහුගේ නම් ජනතා මුදලින් කල දේවල් සදහා යෙදීම ලැජ්ජාවට කරුනක් වෙනවා දේශපාලුවන් වෙනුවෙන් නම් ගැසීම අවශ්‍ය නම් රටේ එකක් වෙනුවෙන් පමණක් නම් ගසාගෙන සිටියාම ඇති ඉන් වැඩි සියලු දේවල් සදහා වාර්ෂිකව බදු මුදලක් අයකිරීම කරන්න ඕන රටේ අහිංසක ජනතාව පදිංචි නිවසටත් බදු ගහන්න හදනවා නම් එයට පෙර ජනතා මුදලින් ඉදිකර එක් එක් අයගේ නමින් නම්කල දේවල් සදහා 25% ක බද්දක් අදාල පුද්ගලයා හෝ ඔහුගේ උරුමක්කාරයන් විසින් සදාකාලිකවම රජයට ගෙවීමට කටයුතු කලයුතුය

:       1       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 536 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site