







(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
වියළි කාලගුණ තත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ ජලාශ සහ කුඩා වැව් 1000කට ආසන්න ප්‍රමාණයක ජල මට්ටම සීඝ්‍රයෙන් පහත බැස ඇති බව වාරිමාර්ග දෙපාර්තුමේන්තුව හා පුත්තලම දිස්ත්‍රික් ගොවිජන සේවා දෙපාර්තුමේන්තුව සඳහන් කරයි.
ඉඟිනිමිටිය, තබ්බෝව, මහ උස්වැව, සියඹලන්කොටුව, කොට්ටුකච්චිය ඇතුළු ජලාශ කිහිපයක ජලය සිඳී ඇතැයි ගොවිජන සේවා නිලධාරීහු පවසති.
මේ හේතුවෙන් ගවයින් ඇතුළු සතුන්ට ජලය සපයා ගැනීමට නොහැකිවීමෙන් ගොවීහු දැඩි අපහසුතාවට පත්ව සිටිති. ජල මට්ටම අඩුවී ඇති ජලාශ හා වැව්වල මසුන් ආහාරයට ගැනීම සඳහා විවිධ පක්ෂීන් වර්ග ගණනාවක් පුත්තලම වැව් ඉවුරුවලට පැමිණ සිටිනු දැක ගත හැකිය.
පුත්තලම දිස්ත්‍රික්ක ආපදා කළමණාකරණ සහකාර අධ්‍යක්ෂ ඒ.එම්.ආර්.එන්.කේ. අලහකොන් මහතා ලංකාදීපයට මෙසේ පැවසීය.
“අපි නිරිත දිග මෝසම් වැසි බලාපොරොත්තුවෙන් හිටියේ. අපි සුදානම්ව සිටියා ගංවතුරක් පවා ඇති වෙයි කියලා. නමුත් වර්ෂාව නොලැබීම නිසා, වියළි කාලගුණ තත්වය වැඩි වෙලා. ඒ නිසා පුත්තලම දිස්ත්‍රික් ලේකම් එන්.එම්.එච්. චිත්‍රානන්ද මහතාගේ උපදෙස් මත, ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් හා ආපදා සහන සේවා නිලධාරීන් සමග එක්ව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ පහක ජනතාවට පානීය ජලය බෙදා හරිනවා” යැයි ඔහු පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් අක්කර 2000ක් විතර අර කැලෑපාලුවාට ගෙවල් හදලා දුන්නා නම් හරි ඉතිරි වතුර ටිකත් නැතිකරලා අරාබියක් කරන්න පුළුවන්...
අරාබිකරයක්නේ ලංකාවේ තියෙන්නේ.. අපේ දේශපාලකයන්ට වුවමනා වතුර මොකටද සත්තු? මිනිස්සු මොකටද? පලයල්ලා දිගටම ඔය විදිහට නමුත් තේරුම් ගන්නකොට පරක්කු වෙලා ඉවරයි මට නම් හිතෙන්නේ...
නෑ කොක්කු ඔක්කොම කැබිනට් මීටිමක, ගස් කපන අයට කරන්නේ කුමක්ද කියා සාකච්චාවක
කොක්කු හරියට කටුවපිටියේ කේදවාචකයෙන් පස්සේ අපේ ආණ්ඩුව වගේ ඉන්නේ
පුවත් කෙතරම් දරුණු උවත් දසුන නෙත පිනවයි ......