IMG-LOGO

“දයා මාස්ටර්”ට අත්හිටවූ සිර දඩුවමක්

(රොමේෂ් මධුසංඛ)

මානුෂීය මෙහෙයුමේදී සාමාන්‍ය සිවිල් ජනයා එල් ටී ටී ඊ සංවිධානයේ වාසිය සහ ආරක්ෂාව පිණීස මානුෂීය පලිහක් බවට පත් කළ බවට චෝදනා ලැබූ එම සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශකවරයා වූ වේලායුධන් දයානිදි නොහොත් “දයා මාස්ටර්” යන අයට වසර දෙකක සිරදඩුවමක් නියම කළ  වව්නියාව මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලංචේලියන් මහතා එය වසර පහකට අත්හිටුවීමට අද  (26) නියෝග කළේය.

මෙම නඩුවට අදාළව නියෝගය අද (26) ලබා දෙමින් විනිසුරුවරයා මෙම දඬුවම නියම කළේය.

මෙලෙස දඩුවම් නියම වූයේ, තම්බි සෙට්ටිපාර, පේදුරුතුඩුව ලිපිනයේ පදිංචි වේලායුධන් දයානිදි නොහොත් “දයා මාස්ටර්” යන අයවලුන්ටය.

නඩුව විභාගයට ගත් අවස්ථාවේදී දයාමාස්ටර් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නිතීඥ එම්. ඒ. සුමන්තිරන් මහතා සදහන් කර සිටියේ තම සේවාදායකයා එවකට මාසික වැටුපකට එල් ටී ටී ඊ සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශකවරයා වශයෙන් කටයුතු කල බවට මහාධිකරණ විනිසුරුවරයා ඉදිරියේ පිළිගැනීම සිදුකළ බවය.

නිතිපතිවරයා විසින් දයා මාස්ටර් යන අයට එරෙහිව අධි චෝදනා නගනු ලැබ තිබුණේ වර්ෂ 2009 පෙබරවාරි මස 01 වැනිදා සහ 2009 මැයි මස 18 වැනිදා අතර කාලය තුලදී එවකට පැවැති යුධ සමයේ එල් ටී ටී ඊ ග්‍රහනයේ පැවැති ප්‍රදේශයන්හි විසූ සාමාන්‍ය සිවිල් ජනයා රජයේ යුද්ධ හමුදාව විසින් මුදවා ගත් ප්‍රදේශ කෙරෙහි ගමන් කිරිම වලක්වාලමින් ඔවුන් එල් ටී ටී ඊ සංවිධානයේ වාසිය සහ ආරක්ෂාව පිණීස මානුෂීය පලිහක් බවට පත් කිරීමට එකී සංවිධානයේ නායකයකු වූ ඉලම්බරදී සහ තිලක යන අය සමග එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙනි.



අදහස් (5)

“දයා මාස්ටර්”ට අත්හිටවූ සිර දඩුවමක්

PK අමාරිස් Thursday, 27 January 2022 08:47 AM

දැන් දයා මාස්ටර් සුමන්තිරන් එක්ක එකතුවෙලා දුරකථනයේ ඡන්ද ඉල්ලන්න ගියා නම් හොඳයි. මීට පස්සේ කවුරුත් දයා මාස්ටර් ගැන වැරදි කියන්න එපා...

:       0       0

vikum Thursday, 27 January 2022 11:14 AM

නරි නාටක" එවක මායිම් ගම්මානවල ජීවත් වූ අප වැන්නවුන් කොතරම් බියෙන්, තැතිගැන්මෙන් ජීවත් වූයේද යන්න දන්නේ අප විතරයි. ඒ අනුව මොවුන්ට දියයුතු දඬුවම මෙය විය නොහැකියි.

:       0       0

fairoos Thursday, 27 January 2022 12:21 PM

අන්න මහමොලකරුට අපි දඬුවම් කළා. සර් පාස්.

:       1       1

නීති Thursday, 27 January 2022 01:56 PM

සොක්කො මැරෙනවා.. ලොක්කො හැමදාම බේරෙනවා.. නීති හදන් උන් මුන් බෙරෙනවා

:       0       1

Velu Thursday, 27 January 2022 04:09 PM

"එක රටක්.. මේ එක නීතියක්" මාර වැඩක් ලංකාවට වුනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 64 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 974 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site