(ඩයනා උදයංගනී)
සමකාලීන සියලු බලවේග සමඟ දැය දිනවන වැඩපිළිවෙලකට අවතීර්ණවීමට සූදානමින් සිටින්නැයි සියලු පාක්ෂිකයින්ගෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම පක්ෂයේ 70 වැනි සංවත්සර වැඩසටහන අමතමින් අද (2) පැවසීය.
තාවකාලික පසුබෑම් යනු ඕනෑම දේශපාලන පක්ෂයකට පොදු කරුණක් බවද මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය
ශ්‍රී ලංකාව එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදයෙන් අත් මිදී වසර 10 කට පසු ඉස්ලාම් අන්තවාදී ත්රස්තවාදීන්ගේ බිහිසුණු සිදුවීමක් සිදුවූ බව කී හිටපු ජනාධිපතිවරයා එම ප්‍රහාරය සම්බන්ධයෙන් හා ඉන්පසු උද්ගත වූ දේශපාලන දාම්යයන් පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හොඳින් දැනුවත් බව සඳහන් කළේය.
අභියෝග, අවලාද, මඩගැසීම්, නින්දා, අපහාස යනු අෂ්ඨ ලෝක ධර්මය බවද හිටපු ජනාධිපතිවරයා පැවසීය.
කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් එම පක්ෂ සංවත්සර සැමරුම සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්විණි.
පක්ෂ ජ්‍යෙෂඨ උප සභාපතිවරුන් වන ඇමති නිමල් සිරිපාල ද සිල්වා, ඇමති මහින්ද අමරවීර, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, පක්ෂ මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන්, මහාචාර්ය ධම්ම දිසානායක යන මහත්වරුන්ද මෙහිදී අදහස් දැක්වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපති වෙලා හිටපු අවුරුදු 5 හරියට වැඩ කලානම් ආය දිනවන්න දෙයක් නෑ. ලජ්ජා නැතුව ඔහොම කියන්න පුලුවන්ද.
හොඳට තිබුණු ශ්රීලනිපය විනාශ කරපු, පක්ෂයෙන් බිහිවූ අසාර්ථකම දුර්වලම නායකයා. දැන් අනුන්ගේ නැට්ටේ ඉල්ලී එහෙට මෙහෙට වැනෙමින් ඉන්නවා. කටම විතරයි තියෙන්නේ. වැඩ නැහැ.
අනේ නිකන් යන්න මහත්තයා...
අපි හිතුවේ යහපාලන ආණ්ඩුවෙන් දැය දිනෙව්වා කියලා ? කරන්න අමතක උනාද ?
ඔබ පාස්කු සංහාරයට වගකිවයුතු අයකු නොවේ නම් එය අධිකරණය හමුවේ කරුණු දක්වමින් නිදහස් වන්න. එයින් බේරීමට නව ආණ්ඩු සෑදීමට යෑම මහා සුලිසුලගක් මකුලු දැලකින් නැවැත්වීමට දරන ප්රයත්නයක් හා සමානය.
ඔබතුමාගේ බොරු රටේ බහුතරයක් විශ්වාස කරන්නේ නැහැ.
සමකාලීන සියලු බලවේග සමඟ දැය දිනවන වැඩපිළිවෙලකට අවතීර්ණවීමට ඔබලා සූදානමින් සිටියත් සියලු ජනතාව බලා සිටින්නේ අලුත් ක්‍රමවේදයකටයි
පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තීරණ පහලට තල්ලු නොකරන පවුල් සබදතා මත නිලතල තීරණය නොවන බලයට ආපසු ඉහවහා ගිය දූෂණයට ලක් නොවන බලයට ප්‍රතිපත්ති පාවා නොදෙන ඔනෑම අයෙකුට දක්ෂතාවයට තැන ලැබෙන ඔනෑම අයෙකුට ඉදිරියට ආ හැකි පක්ෂයක් බවට පත් විය හැකි නම්....... සාමාජික හඩට සවන් දෙන්නේ නම්...... ජය ගැනීම අසීරැ නැත.
ඔයාලගේ පක්ෂෙට මොක වුනත් අපිට කමක් නැහැ. දුක රටට කරන විනාශයයි.
මෙයා එන පොට හොඳ නැහැ.
දැය දිනවන වැඩපිළිවෙලකට සූදානම්විම අනිවාර්යයි. අනේ මෙයාවගේ අයනම් ආයෙත් එකතු වෙන්නෙ සහ නායතකත්වය ගනන් හිතන් ඉන්නේ ඒ බලාපොරොත්ත්වතු වතුරේගියා කියලා හිතාගන්නවා. මේවෙනකම් හිටපු පල් වුනු අයනම් ආයේ මැකුවත් එපා.
එක පාරක් කරපු හැටි දැක්කනේ තව පාරක් බලේ ඉන්න ආසාව තමා. නිදහස් පක්ෂයේ නව නායකත්වයක් තිබුනොත් දියිනුවක් වේවි නැතිනම් අවසානය තමා.
මේ වැඩපිළිවෙලට යන්න පෙර පාස්කු ප්‍රහාරයට මොකද වුනේ කියලා ඉවරයක් කරලා හිටියනම් හොඳයි.
දැය දිනවන, ඔව් දිනෙව්වෙ, පව් නොදි ඉන්න.
ඔබ ජනාධිපතිව සිටියදී එය නොකළේ ඇයි? 1978 න් පසු සියලුම පාලකයින් රටේ අනාගතය හැර තම පෞද්ගලික අරමුණු හා ඥාති සංග්‍රහය සාක්ෂාත් කර ගැනීමට කැපවී සිටියහ.
කට්ටිය උදෙන්ම ගිහින් එකපාරක් දුන්නේ. තව මොනවද ආයේ ඉල්ලන්නේ.
ඔය කියන්නේ 69 ලක්ෂෙ ආපහු ගාල් කරන්න.
බුදු අම්මෝ.....මෙහෙම හොදා...ආයිත් නොගිය රටවල් එහෙම තියෙනවද ලෝකේ රවුමක් ගහලා එන්න...
හැමදාම ප්‍රායෝගික නොවන දේවල් කියකියා හිටියා කවට හිනාපාමින්.. දැන් සැබෑ යථාර්ථයට මුහුණ දෙන්නට වෙලා. දැන්වත් තමුන්ගේ අසාර්ථක බව තේරුම් ගෙන කුඹුරක් කොටාගෙන ගෙදරට වෙලා ඉන්න. තාන්න මාන්න, වරප්‍රසාද, නවීන යානවාහන ආදී පහසුකම් දමා යන්නේ කොහොමද නේද? ඒත් පාස්කු ප්‍රහාරයට කවදාහරි ඔබට දඬුවම් ලැබෙයි.