
(සිතුම් චතුරංග)
මුලතිව්, කුමුලමුනෙයි, කොට්ටුකිනරු පොකුණේ සහ උඩුප්පුකුලම් වැවේ ගිලි සිසුවියන් දෙදෙනකු සිසුවකු ඇතුළු සිව් දෙනකු මියගොස් ඇතැයි මුලතිව් පොලිසිය කියයි.
මියගිය සිසුවියන් දෙදෙනා කුමුලමුනෙයි, කොට්ටුකිනරු කෝවිල වෙත පැමිණ එහි ජල පොකුණට බැස ඡායාරූප ගනිමින් සිටියදී සිසුවියන් දෙදෙනා එකවර ජල පොකුණතුලට ලිස්සා ගොස් දියේ ගිලී මියගොස් ඇතැයි පොලිසිය පැවසීය.ෙ
මුලතිව් උඩුප්පුකුලම වැවේ ඔරුවක නැගී නෙළුම් මල් කැඩීමට ගිය දස හැවිරිදි සිසුවා සහ තවත් අයකු ඔරුව පෙරලී දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බවත් පොලිසිය පැවසීය.
එලෙස කොට්ටුකිනාරු පොකුණට වැටී මියගොස් ඇත්තේ මුලතිව් විද්‍යානන්ද විද්‍යාලයේ දසවන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ එස්.රශ්මිලා සහ ටි. ක්‍රිසිකා නැමති 16 හැවිරිදි සිසුවියන් දෙදෙනකු වන අතර ඔවුන් දෙදෙනා මුලතිව් මාමුනෙයි හි පදිංචිකරුවන් වේ.
සිසුවියන් දෙදෙනා දියේ ගිලෙන අවස්ථාවේදී ඔවුන් සමඟ පැමිණි අයෙකු දියට බැස බේරාගැනීමට උත්සහ කොට ඇති බවත් කෝවිලේ සී.සී.ටී.වී කැමරා දර්ශනවල සටහන්ව ඇති බවත් පොලිසිය පැවසීය.
උඩුප්පුකුලම වැවේ ගිලි මියගොස් ඇත්තේ මුලතිව් ආලම්පිල් හි පදිංචි සී.ප්‍රනාවනන් නැමති දස හැවිරිදි පිරිමි දරුවකු සහ ඔහුත් සමඟ ඔරුවේ සිටි ඊ.නිශාන්තන් නැමති 25 හැවිරිදි තරුණයකු වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජල පොකුණු සහ වැව් , ඇල, දොළ වගේ ස්ථාන පිළිබඳ හොඳ අවබෝධයක් නැති අය එවැනි තැන්වලට නොයන තරමට හොඳයි. වැඩිහිටියන්ගේ නොසැලකිලිමත්කම සහ දරුවන් පිළිබඳ අවධානයක් නොවීමත් මේ වගේ අකල් මරණ වලට ප්‍රධාන හේතුවයි