(මහේෂ් කීර්තිරත්න)
ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීමේ අමාත්‍ය දයා ගමගේ මහතාට එරෙහිව මධ්‍යම පළාත් සභාවේ හිටපු අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් මහතා මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මැතිවරණ පැමිණිලි ඒකකයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
ජනාධිපතිවරණයෙන් පසුව සියලුම ජනතාවට සමෘද්ධි සහානාධාරය ලබා දෙන බව පවසා සකස් කෙරුණු පත්‍රිකා මාතලේ දිස්ත්‍රික්කයේ බෙදාහැරීම මැතිවරණ නීති රීති උල්ලංඝනය කිරීමක් යැයි පවසමින් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා දයා ගමගේ මහතාට එරෙහිව මෙම පැමිණිල්ල කර ඇත.
පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් මහතා කියාසිටියේ මෙය මැතිවරණ අල්ලස් ලබාදීමක් බවත්, මාතලේ දිස්ත්‍රික්කය පුරා මෙම පත්‍රිකා බෙහැරීමේ සූදානමක් පවතින බවත්, මේ වන විට දඹුල්ල ආසනයේ ප්‍රදේශ කිහිපයක බෙදා හැර ඇති බවත්ය.
මේ පිළිබඳව වහා මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමු කර අවශ්‍ය පියවර ගන්නා ලෙසද හෙතෙම ඉල්ලා සිටියේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් තමයි කාට කාටත් මැතිවරණ නීති පෙනෙන්න පටන් ගෙන තියෙන්නේ. 2015 මහජන මුදල් අවභාවිතා කරමින් අත දිගහැර එක එක ජාති බෙදනකොට, සහන සලස්සනකොට ඔය නීති තිබුනේ නැතිද ? එහෙම නැතිනම් ඒ ගැන තැකුවේ නැතිද ? පෙනුනේ නැතිද ?
දැන් තමයි කාටකාටත් මැතිවරණ නීති පෙනෙන්න පටන් ගෙන තියෙන්නේ. 2015 මහජන මුදල් අවභාවිතා කරමින් අත දිගහැර එකඑක ජාති බෙදනකොට, සහන සලස්සනකොට ඔය නීති තිබුනේ නැතිද? එහෙම නැතිනම් ඒ ගැන තැකුවේ නැතිද, පෙනුනේ නැතිද?