
(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට දින ගණනාවකින් එළවළු තොග ලැබීමත් සමඟ සීඝ්‍රයෙන් එළවළු තොග මිල පහත වැටී ඇතැයි වෙළඳ ව්‍යාපාරිකයෝ පවසති.
කන්ද උඩරට ප්‍රදේශයවලින් ලැබෙන මෙන්ම පහතරට ප්‍රදේශ ප්‍රදේශවලින් ලැබෙන එළවළු ප්‍රමාණය ද දිනෙන් දින වැඩි වීම්ත් සමඟ එළවළු කිලෝ එකක මිල රු රුපියල් 100 ත් 150 ත් අතර ඉහළ අගයකින් පහත් වැටී තිබීම විශේෂත්වයකි.
ඉකුත් සතියේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කැරට් ,ලීස් ,බෝංචි ආදී එළවළු කිලෝවක තොග මිල රුපියල් 450, 500 අතර ඉහළ අගයක් ගෙන තිබුණද අද උදෑසන වනවිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එම එළවළු කිලෝ එකක තොග මිල රුපියල් 150 ත් 200 ත් අතර පහත වැටී ඇති බව වෙළෙඳ ව්‍යාපාරිකයකු පෙන්වා දෙති
එමෙන්ම පහුගිය දිනවල පොහොර නොමැතිව වීම හේතුවෙන් සාර්ථක අස්වැන්නක් ලැබී නැති බව ගොවින් බොහෝ දෙනා ප්‍රකාශ කළ ද එක වැරම ඉතා සාර්ථක උඩරට එළවළු අස්වැන්නක් ලැබී තිබීම පුදුමය දනවන කරුණක් බව ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.
ඇතැම් කැරට් අල විශාල වශයෙන් පෙනුමක් ඇති බවත් එළවළු වර්ග ද බොහොමයක් ඉතා අනර්ඝ තත්ත්වයේ එළවළු බව වෙළෙඳ ව්‍යාපාරිකයෝ පෙන්වා දෙන අතර එළවළු මිල සීග්‍රයෙන් ඉහළ යෑමත් සමග එළවළු මිල දී ගැනීම සඳහා පැමිණෙන බොහෝ වෙළෙන්දන් ගේ පැමිණීම අඩුවීමක් දක්නට තිබෙන බවද ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ලාභය පාරිභෝගිකයාට යන්නේ නෑ. සහල් වලදීත් එහෙමයි... ගොවියාටත් නැති පාරිභෝගිකයාටත් නැති ලාභය තනිකරම ගන්නේ අතරමැදියා. ඒක මාෆියාවක්...
උතුරේ ගොවීන් රසායනික පොහොර ඉල්ලා උඩ පැන්නේ නෑ. කම්මැලි නැතුව වැඩ කළා. අස්වැන්න හොඳයි.
එළවළු අස්වැන්නට බලපාන ලොකුම සාධකය කාලගුණයයි. පොහොර රසායනිකද? කාබනිකද? කියන එක ඔය කියනතරම් ලොකුවට බලපාන්නේ නෑ. හැබැයි යම්කිසි දැනුමක් ඇතිව කම්මැලි නැතුව වගාව කරන්න ඕනෑ...
මෙයින් වාසි ලැබෙන්නේ අතරමැදියාට. ඒවාට විසඳුමක් ලැබුණොත් නරකද?
ගැලවෙන්නේ නැතිව දවස් ගණන් තියාගෙන හිටපු ඒවා එකපාර ගැලෙව්වා වෙන්න බැරිද?
මට හිතෙන්නේ කාබනික ගැසට්ටුව ඉවත් කළ සැනින්ම, අස්වැන්න වැඩි වුණා කියලයි. කට්ටිය කෑගහපු විදියට මම හිතුවේ ආයි එළවලු කළඳක් දකින්න නැතිවෙයි කියලා... පහුගිය ටිකේ ලොකුලොකු මහාචාර්යවරුත් කිව්වනේ මේ පාර අස්වනු අඩුවෙනවා කියලා. අනේ මන්දා ඒවත් දේශපාලනේ වගේ තමයි.
උතුරේ ගොවීන්ට ඉන්දියාවෙන් වැඩි මිලට මුහුදෙන් හම්බවෙනවා.
අන්න මහින්දානන්දටත්, බන්දුලටත් ටිකක් හරි ලකුණු දාගන්න අවස්ථාවක් උදා වුණා..
දඹුල්ලේ තොගමිල එහෙම වුණාට ඕවා සිල්ලරට ගද්දී ජනතාවට එකකට එකක් වැඩි මිලක් ගෙවන්න ඕනෑ.. සිල්ලර වෙළෙන්දෝත් මේ වෙලාවේ සාධාරණව හිතන්න කියලා ඉල්ලා සිටිනවා...
එළවළු මිල ගණන් සීග්‍ර ලෙස පහත බැස ඇතත් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්වල එළවළු මිල ඉතා ඉහල මට්ටමක පවතින බවක් පෙනෙන්නට ඇති අතර මිල ප්‍රදර්ශන කිරීමකින් තොරව එළවළු අලෙවි කරමින් අධික ලාභයක් ලැබීමට වෙළඳුන් කටයුතු කරන මුත් මේ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු පාරිභෝගික කටයුතු අධිකාරිය මේ වෙනුවෙන් පියවර නොගෙන වෙළඳුන්ට , පාරිභෝගිකයා ගසා කෑමට අවස්ථාව සලසා දී ඇත.
රසායනික කියන නම ඇහුවත් අස්වැන්න වැඩිවෙලා මිල ගණන් පහල යනවා. පොහොර නැතුව හැදෙන්නේ නැ කිව්ව කැරට් එහෙම ලස්සනට දැන් තියෙන්නේ
පොහොර වැටෙන්න ඕනෑ නෑ.. පොහොර ගේන්න දෙනවා කිව්වාම ගෙඩි ලොකු වෙලා... වගාවත් සරු වෙලා... පුදුම පොළවක් ලංකාවේ තියෙන්නේ...
දඹුල්ලේ අඩුවෙලා වැඩක් තියෙනවද කඩේට ගියාම මාලුමිරිස් 650 නම්, දෙහි 670 නම්, මෑකරල් 690 නම්, තක්කාලි 430 නම්....? හැබැයි පිටරටින් එන ලොකු ලූනු 250 යි. ඒත් ගේන්න ඩොලර් නැහැ.