
(කාංචන කුමාර ආරියදාස)
සෞඛ්‍ය ආරක්ෂිතව නිසියාකාර මුඛ ආවරණ පැළඳීමකින් තොරව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ රැඳී සිටි සහ සේවය කරමින් සිටි 50 දෙනෙකුට වැඩි පිරිසක් අද (15) අත්අඩංගුවට ගත බව පොලිසිය කියයි.
දඹුල්ල පොලිසිය මහනගර සභාවේ සෞඛ්‍ය අංශ ඒකාබද්ධව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ දී මෙම වැටලීම සිදු කෙරිණි.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය දිවයිනේ එළවළු අවශ්‍යතාවෙන් 70%කටත් වඩා වැඩි ප්‍රමාණයක් හුවමාරු කරන සෑම දිස්ත්‍රික්කයකම ගොවීන් ව්‍යාපාරිකයන් නිතර ගැවසෙන ස්ථානයක් නිසා මෙය ආරක්ෂා කරගැනීමේ අරමුණ ඇතිව වැටලීම සිදු කළ බව නගරාධිපති ජාලිය ඕපාත මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩේ.