
(යොහාන් භාසුර)
ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ 14 වැනි තරගය ලෙස කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (11) රාත්‍රී පැවැති තරගයේදී දඹුල්ල අවුරා පිල කඩුලු 7 කින් ගෝල් ටයිටන්ස් පිල පරාජය කිරීමට සමත් විය.
මෙය දඹුල්ල පිල තරග හයකදී ලැබූ සිවුවැනි ජය වන අතර ඒ අනුව ප්‍රසාද ලකුණු 8 ක් සමගින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණියේය.
දඹුල්ල අවුරා පිතිකරුවෝ ලකුණු 134 ක ඉලක්කය ඕවර 17.4 කදී කඩුලු 3 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් වූහ.
අවිශ්ක ප්‍රනාන්දු අනගි ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 49 කදී හතරේ පහර 3 ක් සහ හයේ පහර 3 ක් සමගින් ලකුණු 70 ක් රැස්කිරීමට සමත්විය.
පළමුව පන්දුවට පහර දුන් ගෝල් පිලේ එකම සාර්ථක පිතිකරු වූ නායක දසුන් ශානක පන්දු 26 කදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු 36 ක් රැස්කළේය.
බිනුර ප්‍රනාන්දු දක්‍ෂ පන්දු යැවීමක නිරත වෙමින් ඕවර හතරේදී ලකුණු 14 ක් පමණක් දෙමින් කඩුල්ලක් දවාගනිමින් ගෝල් පිල අඩපණ කිරීමට සමත් විය.
ගෝල් ටයිටන්ස් පිල ඕවර 20 කදී කඩුලු 9 ට 133 (ටිම් ශීෆට් 15, දසුන් ශානක 36, දුෂාන් හේමන්ත 31/2) දඹුල්ල අවුරා පිල ඕවර 17.4 කදී කඩුලු 3 ට 134 (අවිෂ්ක ප්‍රනාන්දු 70, කුසල් මෙන්ඩිස් 18, සධීර සමරවික්‍රම 25, ලහිරු කුමාර 31/2)
2025 දෙසැම්බර් මස 18
396
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
228
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1021
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දඹුල්ල අවුරා පෙරමුණට එයි