
(නිමල් ජයරත්න)
ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විසන්ධි කරන ලද විදුලිය නැවත දුන්නද රුපියල් දොළොස් ලක්ෂ දොළොස් දහස් පන්සිය හැට පහයි ශත අසූඅටක මුදලක් හා ඇමුණුම් ගාස්තු වශයෙන් රුපියල් 3,000ක මුදලක් නොගෙවුවහොත් මේ මස 14 වැනිදා යළි විදුලිය විසන්ධි කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ මින්නේරිය ප්‍රධාන විදුලි ඉංජිනේරුවරිය ලිපියකින් දැනුම් දී ඇති බව දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ ලේඛකාධිකාරී දිඹුලාගල රාහුලාලංකාර නාමියෝ සඳහන් කළහ.
ආරණ්‍ය සේනාසනයේ විදුලිය ඉකුත් 27 වැනිදා විසන්ධි කළ අතර ඒ පිළිබඳ ලංකාදීප පුවත්පතින් අනාවරණය කිරීමෙන් පසු බොහෝ දෙනාගේ අවධානයට ලක්වූ බවත් ඒ පිළිබඳ පාර්ලිමේන්තුවේදී දැඩි කතාබහට ලක්වීමෙන් පසුව 28 වැනිදා විදුලිය නැවත ලබාදීමට කටයුතු කළ බවත් උන්වහන්සේ ප්‍රකාශ කළහ.
දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ ඉකුත් සැප්තැම්බර් මස විදුලි බිල ලෙස රුපියල් හයලක්ෂ හැත්තෑ දහස් තුන්සිය අසූවක් බවත්, ඒ අනුව ඉකුත් 28 වැනිදා විදුලිය විසන්ධි කිරීමෙන් පසු එම විදුලි බිල ගෙවීමට දින දාහතරක සහන කාලයක් ලබාදුන් බවත් ප්‍රධාන විදුලි ඉංජිනේරුවරිය එවා ඇති ලිපියේ සඳහන් වේ.
ලංකා විදුලිබල මණ්ඩලය මින්නේරිය ප්‍රධාන විදුලි ඉංජිනේරු ඩබ්ලිව්.එම්.ඩී. නිසංසලා මහත්මියගේ අත්සනින් යුතුව දිඹුලාගල ආරණ්‍ය සේනාසනය වෙත එම ලිපිය යොමු කර ඇති බව රාහුලාලංකාර නාහිමියෝ සඳහන් කළහ.
දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ ලේඛකාධිකාරී දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් සඳහන් කළේ හිටපු ජනාධිපති දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතා දිඹුලාගල ආරණ්‍ය සේනාසනය පුණ්‍යභූමියක් කොට සලකමින් හා අපවත් වී වදාළ මාතර කිතලගම සීලාලංකාර නාහිමියන් ශාසනයට ආගමට ජාතියට ඉටුකරන ලද සේවයට ගෞරවයක් වශයෙන් විහාරස්ථානයට නොමිලේ විදුලිය ලබාදුන් බවය.
හිටිහැටියේ විදුලිය විසන්ධි කිරීම බරපතළ අර්බුදයක් බව ද උන්වහන්සේ ප්‍රකාශ කළහ.
මෙම පිළිබඳව දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ දායක කාරකාදීන් සමග සාකච්ඡා කර යම් තීරණයක් ගන්නා තුරු සේනාසනයේ විදුලිය විසන්ධි නොකරන ලෙසත් මේ පිළිබඳව ජනාධිපතිවරයාගේ අග්‍රාමාත්‍යවරයාගේ මෙන්ම විදුලිබල අමාත්‍යවරයාගේ ද දැඩි අවධානයට යොමුකරන ලෙසත් රාහුලාලංකාර නාහිමියෝ ඉල්ලීමක් කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතරම් විදුලි බලයෙන් ඔවුන් කරන්නේ කුමක්ද?
සියල්ලෝ ගෙවිය යුතුය.
රටේ දැනට පවතින තත්වයත් එක්ක, සැවොම රටේ ධනය ඉතිරි කර ගැනීමට දායක විය යුතුයි. නැතහොත් මේ තත්වය තව දුරටත් වර්දනය විය හැකියි. පන්සල් , පල්ලි මේ සියල්ල අනවශ්‍ය විදුලි පහන් නිවා දැමිය යුතුයි. පෝය හෝ වෙනත් උත්සව අවස්ථාවකදී හැරෙන්න අනවශ්‍ය ලෙස විදුලි පහන් නොදල්වා සිටිය යුතුයි. අවසානයේ මේ සියල්ල ගෙවා දමන්න වෙන්නේ. මම ඔබ, සහ අපේ දරුවන්ටයි. දේශපාලකයන් හෝ පුජකයන් මේ පිළිබද වගකීමක් දරන්නේ නැහැ. ලෝකය වෙනස්වෙමින් පවතී. අනවශ්‍ය නාස්ති සෑම රටකම ඉවත් කරමින් පවතී. පසුගිය වසර 40 තුල, අප රට ඊට අනුගත නොවූ විපාකය දැන් අප විදිමින් පවතී. තව දුරටත් දේශපාලනයට හෝ පසුගිය කාලයට බැන වදිමින් ඉන්නවට වඩා රටේ සියලු ශේත්‍ර ස්වයං හික්මීමකට ලක් විය යුතුයි.
දෙසැම්බර් 7 වෙනිදා ශ්‍රීපාද වන්දනා කාලය ආරම්භ වෙනවා කොතලාවල මැතිතුමා ලංකාවෙ විදුලිය නිපදවන අවස්ථාවෙ එය සාර්ථක වුනොත් ශ්‍රීපාදය සදහා හැමදාම නොමිලයේ විදුලිය සැපසැපයීමට භාරයක් වෙලා තමයි වැඩ ආරම්භ කලේ ඉතින් වැඩ සාර්ථක නිසා විදුලිය දුන්නා දැන් ඉන්න ඉංජිනේරු තරුණ තරුණියෝ මේවා මොකුත්ම දන්නවා කියලා හිතන්න අමාරුයි ඒකනේ දිඹුලාගලට විදුලිය දෙන්න බලධාරීන් නියෝග කලාම විදුලිය දීලා පොතේ නීති ක්‍රියාත්මක කරන්න හදන්නෙ (කරන්ට් එක නිසා කල්පනා ශක්තිය අඩුවෙලාද මන්දා ) ඒ නිසා ඔවුන්ට උපදෙස් දෙන්න ශක්තියක් තියෙන කෙනෙක් ඔවුන්ට ඒබව කියලා දුන්නොත් හොදයි
මැති ඇමති විදුලිය බිල වතුර බිල ගෙවන්නේ නැහැ . ඒපව ගෙවන්න ඕන අහිංසක ජනතාව ද ඊලඟ රැල්ල වැඩි ඈතක නැහැ . ඒක බරපතල අනතුරු ඇඟවීමක් හරිද.
කවුරුන් විසින් හෝ විදුලි බිල් ගෙවිය යුතුය.සේනාසනයේ භාරකරුවන් එය නොගෙවන්නේ නම් මෙරට පොදු ජනතාව විසින් එය ගෙවිය යුතුය.එය සාධාරණද.මෙ රට.පොදු ජනතාව මත එම බර නොපටවා එය ගෙවීමේ ක්‍රමවේදයක් භාරකරුවන් විසින් සකසා ගත යුතුය.
ජාතිය ආගම ඔලුවේ තියන් සමහර පන්සල් වල නාගලෝකේ නාගයෝ පෙන්වලා බලේට ආවේ දැන් පෙන්වන්නේ ජාති ආලය බෞද්ධ කම.
නූතන පරම්පරාව අතීතය ගැන දන්නෙත් නැහැ. ඔවුන්ට ඒ ගැන හැඟීමකුත් නැහැ. මට තියෙන පුදුමේ මණ්ඩලයේ දූෂණය හා නාස්තිය නවත්තන්න කවුරුත් පියවර නොගෙන පන්සල් වල විදුලිය ගැන කෑ මොර දෙන්නේ මොන බලාපොරොත්තවකින්ද කියන එකයිග
හාමුදුරුවරු විශාල පිරිසක් වැඩ සිටින පන්සලක් මේ. පන්සල්, පල්ලි, කෝවිල් විශාල ප්‍රමාණයක් මේ ප්‍රශ්ණයට මුහුන දෙනවා. ආගමික ස්ථාන වලට යන මිනිස්සු විස්තරේ දන්නව.