(ඩී.ජී.සුගතපාල)

දඹදිව වන්දනාවේ යවන බව පවසා පුද්ගලයින් 23ගෙන් ලක්ෂ ගණනින් මුදල් වංචා කළ අයෙකු නොවැම්බර් 5 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරණ මහත්මිය අද(29)නියෝග කළාය.
 
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ අයි.ඩී.සරත් නමැත්තෙකි.
 
සැකකරු ඇල්පිටිය ප්‍රදේශයේ ආයතනයක් පවත්වාගෙන යමින් පුද්ගලයින් දඹදිව වන්දනාවේ රැගෙන යන බව පවසා පුද්ගලයින් 23කගෙන් එක් අයෙකුගෙන් රුපියල් 85,000 බැගින් මුදල් ලබාගෙන ඇති බවත්, ජුලි සහ අගෝස්තු මාසවල ඔවුන් දඹදිව රැගෙන යන බව පැවසුවද එය ඉටු නොකළ බවත් අනාවරණය වී ඇතැයිද පොලිසිය කියයි.
 
සැකකරු  රුපියල් දහනම ලක්ෂ පනස් පන් දහසක් වංචා කර ඇත.
 
යක්කලමුල්ල පොලිසිය සැකකරු අධිකරණයට ඉදිරිපත් කර තිබේ.