(රොමේෂ් මධුෂංඛ)
ඉදිරියේ දී පැවත්වීමට නියමිත මහමැතිවරණය සම්බන්ධයෙන් උතුරේ දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින් සමඟ විශේෂ සාකච්ඡාවක් අද (27) සවස යාපනයේ දී පැවත්වීමට නියමිතය.
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මේ පිළිබඳව අදහස් දක්වමින් පවසා සිටියේ යාපනය මාර්ටීන් වීදියේ පිහිටි ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ කාර්යාලයේ දෙමළ ජාතික සන්ධාන සියලු නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් මෙම රැස්වීම පැවත්වීමට කටයුතු යොදා තිබේ.
එමෙන්ම ඉදිරියේදී පැවත්වෙන මහමැතිවරණය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ ඉදිරිපත් කෙරෙන නියෝජිතයින් කවුරුන්ද යන්න පිළිබඳවත් සන්ධානයක් වශයෙන් මහමැතිවරණයට ඉදිරිපත් වීමේදී ගත යුතු තීරණ කුමක්ද යන්න පිළිබඳවද එහි සාකච්ඡා කිරීමට නියමිත බවටද එම්.ඒ.සුමන්තිරන් මහතා වැඩි දුරටත් පැවසීය.
ඉදිරි මහමැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂය, ප්ලොට් හා ටෙලෝ පක්ෂ සන්ධානගතව තරග කිරීමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි දැන් ඔය දෙමළ ජනයාට විතරක් තියනවා යැයි කියන්නේ? සිංහල හා දෙමළ මිනිස්සුන්ට නැති ප්රශ්නය ගැන බ්‍රිතාන්‍ය අගමැතිට පැමිණිලි කළා නේද? මුකුත් විසඳුමක් ලැබුණේ නැතිද?
මීට කලිනුත් රැස්වෙලා කරපු හරිය අපි දැක්කනේ. අපිට රජයක් පිහිටුවා ගන්න නුඹලා ඕනේ නැතිබව අපි ඔප්පුකළා. සිංහලයාට එකතු වීම ඕනේ හොඳ නායකයෙක් පමණයි.
වෙනදට ඡන්දෙන් පස්සේ දිනපු නායකයින් යනවනේ මේ අය පස්සේ. මේ පාර කවුරුත් ගණන් ගත්තේ නැහැ. මේ අයගේ ලොකුකම බැහැලා ගිය හැටි හරිම අපූරුයි. ඉස්සර පෙන්නපු ලොකුකම් කොහෙන් ගියාද නැහැ. දැන් අපි පුහු මිනිසුන් දෙස බලන්නෙත් නැහැ.