
(ටී.කේ.ජී.කපිල )
රුපියල් එක් කෝටි අසූ ලක්ෂයක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සහ භාවිතා කරන ලද ජංගම දුරකථන තොගයක් නීතිවිරෝධී ලෙස රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන පැමිණි චීන ජාතිකයන් 05 දෙනෙකු ගුවන් තොටුපොළ රේගු නිලධාරීහු පිරිසක් විසින් අද(17) අලුයම අත් අඩංගුවට ගෙන සිටිති .
මොවුන් ශ්‍රී ලංකාවේ සංචාරය සදහා පැමිණෙමින් සිටි චීන ජාතිකයන් පිරිසකි .
ඔවුන් 17 දින අලුයම 12.10 ට චීනයේ ෂැංහයි නුවර සිට චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ.- 6017 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළට පැමිණ තිබුණි .
ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ චීනයේ නිෂ්පාදිත දුම්වැටි 99,400 ක් අඩංගු දුම්වැටි කාටූන් 497 ක් සහ චීනයේ භාවිතා කළ ජංගම දුරකථන 422 ක් සගවා ගෙන සිටියදී අත් අඩංගුවට ගෙන තිබේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd