
( ශාන්ත චන්ද්‍රසිරි සහ ප්‍රසාද් රුක්මල් )
බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (30) පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.
බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු අංක 1596 දරණ මිශ්‍ර දුම්රිය මෙසේ පීලි පැනීමට ලක්ව ඇති බවත්, මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා පැමිණ ඇති බවද දුම්රිය පාලක මැදිරිය කියයි.
පීලි පැනීමට ලක් වු දුම්රිය පීලි ගත කිරීම සඳහා බදුල්ල දුම්රිය ස්ථානයේ සිට දුම්රිය සේවකයන් පිරිසක් ගෙන්වීමට පියවර ගෙන ඇති බවත්, කඩිනමින් දුම්රිය පීලි ගත කොට උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය යතාතත්ත්වයට පත් කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සඳහන් කරයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.