(යොහාන් භාසුර)
අත්‍යවශ්‍ය මහජන සේවාවක් ලෙස නම් කළ දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලුම කාර්ය මණ්ඩලවල නිවාඩු වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කළ බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍යංශය පවසයි.
ශ්‍රී ලංකා දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට ජනාධිපතිවරයා පසුගිය පෙබරවාරි මස 27 වැනිදා අතිවිශේෂ ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත්කර තිබේ.
ඒ අනුව 1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ 2 වන වගන්තිය ප්‍රකාරව අත්‍යවශ්‍ය මහජන සේවාවක් ලෙස ප්‍රකාශ කර ඇති ශ්රී ලංකා දුම්රිය සේවයේ සියලුම කාර්ය මණ්ඩලවල නිවාඩු අද (14) දින සිට වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පියවර ගෙන තිබේ.
දුම්රිය සේවාව අඛණ්ඩව සහ කාර්යක්ෂම පවත්වාගෙන යෑම සඳහා හෙට (15) දින සේවයට වාර්තා නොකරන සියලු නිලධාරීන්ගෙන් ඒ පිළිබඳව නිදහසට කරුණු විමසා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස දුම්රිය සාමාන්‍යාධිකාරි ඩබ්ලිව් ඒ ඩී එස් ගුණසිංහ මහතා එහි සියලුම දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට දැනුම් දී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධ්‍යාපන අමාත්‍යාංශය නිවාඩු අවලංගු කරලා නැහැ . මොකද ලංකාවෙ අධ්‍යාපනය කියන්නේ අත්‍යවශ්‍ය වැදගත් සේවයක් නොවෙයි.