(යොහාන් භාසුර)
අත්‍යවශ්‍ය මහජන සේවාවක් ලෙස නම් කළ දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලුම කාර්ය මණ්ඩලවල නිවාඩු වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කළ බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍යංශය පවසයි.
ශ්‍රී ලංකා දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට ජනාධිපතිවරයා පසුගිය පෙබරවාරි මස 27 වැනිදා අතිවිශේෂ ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත්කර තිබේ.
ඒ අනුව 1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ 2 වන වගන්තිය ප්‍රකාරව අත්‍යවශ්‍ය මහජන සේවාවක් ලෙස ප්‍රකාශ කර ඇති ශ්රී ලංකා දුම්රිය සේවයේ සියලුම කාර්ය මණ්ඩලවල නිවාඩු අද (14) දින සිට වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පියවර ගෙන තිබේ.
දුම්රිය සේවාව අඛණ්ඩව සහ කාර්යක්ෂම පවත්වාගෙන යෑම සඳහා හෙට (15) දින සේවයට වාර්තා නොකරන සියලු නිලධාරීන්ගෙන් ඒ පිළිබඳව නිදහසට කරුණු විමසා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස දුම්රිය සාමාන්‍යාධිකාරි ඩබ්ලිව් ඒ ඩී එස් ගුණසිංහ මහතා එහි සියලුම දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට දැනුම් දී තිබේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
දුම්රිය සේවක නිවාඩු අවලංගුයි
චන්දන Tuesday, 14 March 2023 02:49 PM
අධ්‍යාපන අමාත්‍යාංශය නිවාඩු අවලංගු කරලා නැහැ . මොකද ලංකාවෙ අධ්‍යාපනය කියන්නේ අත්‍යවශ්‍ය වැදගත් සේවයක් නොවෙයි.