(යොහාන් භාසුර)
දුම්රිය පරිපාලනයේ අත්තනෝමතික ක්‍රියාකළාපයට විරෝධ දක්වමින් දුම්රිය ස්ථානාධිපතිවරු පාර්සල් බාරගැනීම අද (22) මාධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බවත් අනිද්දා (24) සිට ප්‍රවේශපත් නිකුත් කිරීමෙන් ද ඉවත් වන බවත් ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර මහතා ‘ලංකාදීප’යට පැවසීය.
දුම්රිය පරිපාලනය නිසික්‍රමවේදයකින් තොරව හිටිහැටියේ පාර්සල් දුම්රිය දිගින් දිගටම අවලංගු කිරීම නිසා ජනතාවගේ ඇතැම් පාර්සල්වල ඇති දේවල් විනාශ වන බවත් මෙම සිද්ධීන් පිළිබඳව ජනාධිපතිවරයා ද ලිඛිතව දැනුවත් කිරීමට පියවර ගත් බවත් කසුන් චාමර මහතා කීය.
ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය මේ මස 26 වැනිදා සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට ද සැළසුම් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd