දුම්රිය රියදුරන් ඇතුළු එම දෙපාර්තමේන්තුවෙහි අංශ කිහිපයක් විසින් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (21) අරඹා තිබූ වර්ජනය හේතුවෙන් මගීහු දැඩි අපහසුතාවයකට පත්ව සිටිති.
ඇතැම් දුම්රිය ස්ථාන පාලුවට ගොස් තිබූ ආකාරයත් ඇතැම් දුම්රිය ස්ථානවල මගීන් ගමන් කටයුතු සදහා රැදී සිටි ආකාරයත් පහත ඡායාරූපවලින් දැක්වේ.
ඡායාරූප - ළහිරු හර්ෂණ (කොළඹ කොටුව සහ බම්බලපිටිය)




ඡායාරූප - තිලකරත්න දිසානායක (ගම්පහ)


ඡායාරූප - ජවුෆර් ඛාන් (මඩකලපුව)



ඡායාරූප - පාලිත ආරියවංශ (බදුල්ල)



ඡායාරූප - රංජිත් රාජපක්ෂ (හැටන්)


ඡායාරූප - ශාන්ත කුලරත්න (මත්තෙගොඩ)


ඡායාරූප - දයාරත්න ඇඹෝගම (අනුරාධපුරය)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
JR වගේ නායකයෙක් නොමැති කමේ පාඩුව.
වර්ජන කරන ක්‍රමයක් තියෙනවා. මේ වගේ දේවල් වර්ජන නොවෙයි කඩාකප්පල් කිරීම්.
හැම එකාම පලිගන්න හදන්නේ මේ රටේ බදු ගෙවමින් මොවුන්ව නඩත්තු කරන අසරණ ජනතාවගෙන්නේ? මේ අමනයින්ට ඔවුන්ගේ ඉල්ලීම් ඉටුකර ගන්න දුගී ජනතාව පීඩාවට පත් කරන්නම ඕනේද? රජය මොවුන්ගේ ඉල්ලීමට සවන් නොදිය යුතුයි. එක දිනක වැඩ වර්ජනයක් හේතුවෙන් අඩු තරමේ එක මසක වැටුපවත් කපා හැරිය යුතුයි. එයට අකමැති අය රැකියාවලින් ඉවත් කොට වෙනත් අය මේ රැකියාවන්ට බඳවාගත යුතුයි.
දුම්රිය සේවය වහාම පෞද්ගලික සමාගමකට දෙන්න. එතකොට අනිවාර්යයෙන්ම දියුණු වෙනවා. ජපානය වගේ දියුණු රටවල තැපැල් දුම්රිය වැනි සේවා පෞද්ගලික නිසා දවසින් දවස දියුණු වෙනවා. වර්ජන කවදාවත් නැහැ. ලංකාවේ සේවකයන්ට මේකට පාඩමක් උගන්වන්න ජනාධිපතිතුමනි...
උදේ වැඩට ආවට පස්සේ, හැන්දෑවේ ගෙදර යන්න ක්‍රමයක් තියෙයිද කියා නොදැන මිනිසුන් වැස්සේ තෙමෙමින් පාරේ රස්තියාදු වෙනවා. මා සිතන්නේ මෙවැනි රටක ඉපදීම මහා පවක් කියායි.
මෙයාලව මට්ටුකරන්න පුළුවන් කොන්දක් ඇති පාලකයන් බිහිවෙනකන් වසරකට කිහිපවරක් මේ විදියට මහජනතාවට වදදෙන්න... මේ කාලකන්නි මිනිස්සුන්ට ඉඩ ලැබෙනවා. වැඩි අෑතක නෙවෙයි මොවුනුත් මහජනතාවගෙන් මහමගදී ගුටිකන වෙලාව...
දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවයක් කරන්න බැරිද? වැඩවර්ජන අවස්ථා වලදී දුම්රිය සේවය අඛණ්ඩව සැපයීමට විකල්ප ස්වෙච්චා සේවා කණ්ඩායමක් ඇතිකළ හැකිය. එතකොට වර්ජන කරන අයට සදාකල් වර්ජනය කර කර නිදහසේ ගෙදරට වෙලා ඉන්න පුළුවන්. ආණ්ඩුවට මෙවැනි දේ කරන්න ශක්තියක් නැද්ද?