දුම්රිය සේවකයන් ආරම්භ කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් දිවයින පුරා දුම්රිය ස්ථාන අද(26) පාලුවට ගොස් තිබිණි.
ශ්‍රේණි විෂමතාවය සම්බන්ධයෙන් අනුමත වූ කැබිනට් පත්‍රිකාව ක්‍රියාත්මක කිරීමට විරෝධය දක්වා මෙම වර්ජනය ක්‍රියාත්මක කෙරේ.
මේ හේතුවෙන් දුම්රිය මගීහු දැඩි අසීරුතාවයට පත්ව සිටියහ.
(ඡායාරූප - ළහිරු හර්ෂණ, සුදත් එච්. එම්. හේවා, ටී. එල්. ජවුෆර්කාන්, රංජිත් රාජපක්ෂ, ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක, තිලකරත්න දිසානායක සහ අනීෂා මානගේ )



(ළහිරු හර්ෂණ - කොළඹ කොටුව දුම්රිය ස්ථානය)



(කැලණිය දුම්රිය ස්ථානය)



(සුදත් එච්. එම්. හේවා - හැටන් දුම්රිය ස්ථානය)



(ටී. එල්. ජවුෆර්කාන් - මඩකලපුව දුම්රිය ස්ථානය)



(රංජිත් රාජපක්ෂ - හැටන් දුම්රිය ස්ථානය)



(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක - තලවකැලේ දුම්රිය ස්ථානය)


(තිලකරත්න දිසානායක - ගම්පහ දුම්රිය ස්ථානය)



(අනීෂා මානගේ - බෙලිඅත්ත දුම්රිය ස්ථානය)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා රටකට මහා සාප. වර්ජනය ලංකාවේ අනන්‍යතාවයක් වෙන වචනයක්.
රජයේ සේවයේ අනෙක් වෘත්තිකයින්ට වඩා දුම්රිය සේවයේ අය ඉහල වැටුපක් ගන්නවා. සාමාන්‍ය ජනයා එය නොදැන ඉන්නකම් හොඳයි. පාඩු පිට දුවන මෙම සේවය පවත්වාගෙන යන්නේ ජනතා බදු මුදලින්. දැනට පවතින වර්ජන රැල්ල පිටුපස නොවැම්බර් 16 බලයට එන්න බලා සිටින අය සිටිනවා විය හැකියි.
බැසිල්ට සතුටුයිද දැන්?
මේ වර්ජනවලට කිසිම කෙනෙක් හොදක් කියන්න එපා. අන්තිමයි මේ ආණ්ඩුව. කිසිම වැඩකට නෑ.
අපට කවදා හරි සල්ලි වලට මේ රට විනාස කරන වර්ජකයන් ගෙන් අහන්න වෙන්නේ "දැන් සතුටුද " කියා නේද ?
නොදියුණු වර්තමාන ලාංකිකයින්ට තමන්ගේ ජීවිත පරදුවට තබා කෝච්චියේ හෝ බස්වල එල්ලී ගොස් දේශපාලකයින් හා නිලධාරීන් සතු සුඛෝපභෝගී වාහන හා ඒ ජීවිත තවතවත් සැපවත් කිරීම හැර වෙනත් කිසිඳු දේකට ප්‍රඥාවක් නොමැත. ලාංකිකයෝ අති බහුතරයක් දේශපාලකයින්ගේ වහලුන්ම පමණක් බව මේ රූප දිහා බලන ඕනෑම අයෙකුට වැටහෙන්නේය...
ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් එක්තරා අපේක්ෂකයෙකු වෙනුවෙන් සංවිධානය කෙරෙන මේවගේ වර්ජන දිගටම කරගෙන යනබව ස්ථිරයි. මහජනතාව අපහසුතාවයට පත්කරමින් " අරයා ආවොත් මේවට ඉඩක් තියන්නේ නැහැ" කියන මතය සමාජ ගත කිරීම තමා මේවායේ බලාපොරොත්තුව...
මේ ආණ්ඩුව තරම් පොදු ප්‍රවාහන පද්ධතියේ වර්ජනවලින් මිනිසුන්ට බැට දුන් ආණ්ඩුවක් ලංකාවේ මීට පෙර නොතිබුණි. මේ පින්තූර වලින් පෙන්වන පරිදි, අද ප්‍රවාහන සේවය මෙන්ම ආණ්ඩුවද බල්ලට ගොස් ඇත.