(යොහාන් භාසුර)
දුම්රිය රියදුරන් ක්‍රියාත්මක කරන වර්ජනය තව දුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක වන බවත් වර්ජනය පිළිබඳව හෝ ඉල්ලීම් පිළිබඳව සාකච්ඡා කිරීමට කිසිඳු පාර්ශවයක් ආරාධනා කර නොමැති බවත් දුම්රිය රියදුරන්ගේ සංගමයේ ලේකම් එස්. ආර්. සී. එම්. සේනානායක මහතා මීට සුඵ මොහොතකට පෙර පැවසීය.
ප්‍රවාහන අමාත්‍යවරයා හෝ වෙනත් ඕනෑම කෙනෙක් සාකච්ඡා සඳහා ආරාධනා කර තිබේ නම් ලේකම්වරයා වන තමන්ට ඉදිරිපත් කරන ලෙස ඉල්ලාසිටින බව කී ඒ මහතා වර්ජනය අවසන් කිරීමට පාලකයන්ට කිසිඳු උවමනාවක් නොමැති බව ද සදඟන් කළේය.
රියදුරන් 450 ක් සිටිය යුතු දෙපාර්තමේන්තුවේ මේ වන විට රියදුරන් 280 ක් පමණක් වීම නිසා වර්ජනයෙන් තොර සාමාන්‍ය දිනකදී ද දුම්රිය වාර ගණනාවක් අවලංගු කිරීමෙන් අනතුරට පත් දරුවා මෙන්ම දිනපතා මගී ජනතාව අනාරක්‍ෂිතව දුම්රියේ යන බව කී සේනානායක මහතා එවැනි අවස්ථාවලදී ඔවුන් දුම්රියෙන් ඉවත්කිරීමට ද කටයුතු කර ඇති බව ද සඳහන් කළේය.
අනතුරෙන් මරණයට පත්වූ ගම්පහ දරුවාගේ වටිනාකම රුපියල් ලක්‍ෂ 5 ක් යැයි අමාත්‍යංශය තීරණ්‍ය කිරීම පිළිබඳව දැඩිව කණගාටු වන බවත් පාලකයන් රටේ ජනාවගේ වටිනාමක මුදලින් තීරණය කිරීමට වඩාත් බරපතල තත්වයක් බවත් ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd