(යොහාන් භාසුර)
ප්‍රවාහන අමාත්‍යවරයා අභිමතය පරිදි දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් බවට ප්‍රකාශයට පත්කළ හොත් පසු දිනම කිසිඳු දැනුම්දීමකින් තොරව වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බවත් රටම අගාධයට ඇඳදැමීමට ආණ්ඩුව කටයුතු කරන්නේ නම් වෘත්තිය සමිති ව්‍යාපාරයට නිහඬව සිටිය නොහැකි බවත් දුම්රිය වෘත්තිය සමිති සන්ධානය, ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට ලිපියක් යොමු කරමින් ප්‍රකාශ කරයි.
දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් කිරීමට උත්සහ කළ පළමු අවස්ථාව මෙය නොවන බවත් ඒ සෑම අවස්ථාවකදීම දුම්රිය අධිකාරී යෝජනා ඉදිරිපත් කළ ආණ්ඩු දුම්රිය වෘත්තිය සමිති සහ සේවකයන් එකතුව පරාජය කළ බවත් එම ලිපියේ සඳහන් වේ.
දුම්රිය සේවකයන් සහ මගී ජනතාව දුම්රිය දෙපාර්තමේන්තුව විනාශ නොකළ බව කියන දුම්රිය වෘත්තිය සමිති සන්ධානය සෑම ආණ්ඩුවකම ඇමති ධූරය දැරූ වර්තමාන ප්‍රවාහන අමාත්‍යවරයා සහ පැවැති ආණ්ඩු දුම්රිය පරිහානියට වගකිවයුතු බව ද සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධිකාරියක් නෙමෙයි, පුද්ගලික සමාගමක්ම කළානම් ගමනත් වෙලාවට යයි, ලාබත් ලබයි...
සුදුසුකම් නැතිවුණාට රස්සා දීලා, ආයතන දේශපාලකයින්ට ඕනෑ විදිහට නටවලා.., දැන් ඒවා ආයිත් ගොඩගන්න බැරි තැනට ඇවිල්ලා.
මේ මොහොතේ දුම්රිය වෘත්තිය සමිතිවලට යට නොවී, බියනොවී ආණ්ඩුව ගත් අධිකාරිය කිරිමට ගත් තීරණය එලෙසින් ක්‍රියාත්මක කළ යුතුයි... හැකියාවක් පවතින්නේ නම් පෞද්ගලීකරණය කිරිම වරදක් නොවේ. දැනට දිනකට දුම්රිය වාර 6ට එහා අවලංගුයි. දුම්රිය කාර්මික දෝෂ නිසා ප්‍රමාදවීම් සීමාවක් නැහැ. දුම්රිය ප්‍රමාදයන් පැය ගණන් සීමාවක් නැහැ යාල්දේවිය පැයකට වඩා ප්‍රමාදයි. හැමදාම යාපනයේ සිට එන එක රජරට රැජින බෙලිඅත්තේ සිට එන හා අනුරාධපුර සිට එන දුම්රියන් දෙක හැමදාම පැයකට වඩා ප්‍රමාදයි... ඊට අමතරව අනෙකුත් දුම්රියන් ප්‍රමාදයි. ලංකාවේ දුවන්නේ 400කට ආසන්න සංඛ්‍යාවක් නිසියාකාරව ධාවනය කරන්න දුම්රිය බලධාරීන් අසමත්.. 100කට වැඩි වෘත්තිය සමිති අසමත් නමුත් කිඹුහුමක් ගියත් වර්ජනය කරනවා. දුම්රිය නගා සිටුවන්න වේලාවට ධාවනය කරන්න වෘත්තිය සමිති ක්‍රියාත්මක වෙලා නැහැ... වඩාත් සුදුසු දුම්රිය පෞද්ගලිකකරණය කිරීමයි...
ඔය තර්ජන වර්ජන ගර්ජන නවත්තලා නරකද වෙලාවට කෝච්චි ටික දුවන්න වැඩ කළා නම්...? මළකඩ වලින්මයි යකඩය වැනසෙන්නේ.. ඔය සමිති නිසයි. මේ රට මෙහෙම විනාශ වුණේ සියලුම වෘත්තීය සමිති තහනම් කළ යුතුයි. නැතිනම් ආයතන සියල්ල විනාශයි. වෘත්තීය සමිති සහ ශිෂ්‍යයින්ගේ කරමතින් දේශපාලනය කිරීමේ ප්‍රතිඵල අපි අත්වින්දා හොඳටම දැන් ඇති...
මේවා විකුණා දමන්න. ජවිපෙ විරෝධතාකරුවන්ට විරෝධය...
දුම්රිය සේවය සඳහා රටේ ඉඩකඩම් විශාල ප්‍රමාණයක් වෙන්වෙලා තිබෙනවා. දුම්රිය මාර්ග සඳහාත් එසේමයි. මේ සා විශාල ඉඩම් ප්‍රමාණයක් වෙන්වෙලා තිබෙන දුම්රිය සේවයෙන් රටේ ජනතාවට කාර්යක්ෂම සේවයක් වෙනවා කියා සතුටුවෙන්නට නම් බැහැ. දුම්රිය සේවකයන් හා වූර්තීය සමිතිකාරයින් තම ඉල්ලීම් හා අයිතිවාසිකම් ලබා ගැනීමට කටයුතු කරනවා විනා ජනතාව වෙනුවෙන් තම යුතුකම් හරිහැටි ඉටුකරන බවක් පෙනෙන්නට නැහැ. රජය දුම්රිය සේවකයන් හා එම වෘත්තීය සමිති කාරයින් ගැන දැන් අවධානයට වඩා, මුදල් ගෙවා දහදුක් විඳිමින් දුම්රියේ යන මගීන් ගැන වැඩි අවධානයක් යොමුකළ යුතුයි. දුම්රිය සේවය වහාම සුදුසු අයුරින් පෞද්ගලික කරණය කොට මගී ජනයාට වැඩදායී සේවයක් බවට පත්කළ යුතුයි. එසේ වෙනවිට, එය ලාභ ලබන ආයතනයක් වන්නේ නිතැතිනි.
ඕකෙ වැඩ කරන අය හිතන්නේ දුම්රිය සේවය තියෙන්නේ ඔවුන්ට රස්සාව දීලා වැටුප් ගෙවන්න විතරයි කියලා. ඕක පෞද්ගලික සමාගමක් කරන්න ඕනෑ ටෙලිකොම් වගේ...
දුම්රිය විනාශයට සේවක රැල සීයට දෙසීයක් වගකියන්න ඕනෑ. ඕක පෞද්ගලික අංශයට විකුණලා දාන්න. ටෙලිකොම් සමාගම වගේ කරන්න. නිකමුන් අතිකාල පප්පන්, හොරුන්, බේබද්දන් පිරුණු නියම සුදු අලියෙක්...