(යොහාන් භාසුර)
දුම්රිය මාර්ග පද්ධතියෙන් සියයට 50 කට අධික ප්‍රමාණයක් ධාවනයට නුසුදුසු තත්වයක පවතින බව දුම්රිය මාර්ගය ප්‍රතිසංස්ථකරණය කිරීමට අවශ්‍ය රේල්පීලි ඇතුළු භාණ්ඩ දැඩි හිඟයක් පවතින බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
රට පුරා ඇති කිලෝමීටර 1,450 ක් පමණ වන දුම්රිය මාර්ගයේ පීලි දිරායෑම, සිල්පරකොට විනාශ වීම, කුඩා ගල් හිඟය සහ දුම්රිය මාර්ගයට යොදන ඇණ කැඩීම ආදි හේතූන් නිසා කිලෝමීටර 1,000 ක් පමණ ධාවනයට නුසුදුසු තත්වයක පවතින බව කී එම නිලධාරියා මෙහිදී මුහුදුබඩ මාර්ගය වඩාත් අබලන් තත්වයට පත්ව ඇති බව ද කීය.
මුහුදුබඩ මාර්ගයේ පානදුර සිට කොළඹ කොටුව දක්වා කොටස වඩාත් අබලන් තත්වයට පත්ව ඇති බවත් පීලි සහ සිල්පරකොට මිලදී ගැනීමට ප්‍රවාහන අමාත්‍යවරයා භාණ්ඩාගාරයෙන් ඉල්ලීමක් කර ඇති බව ද එම නිලධාරියා සඳහන් කළේය.
රේල් පීලි දහස් ගණනක අවශ්‍යතාවක් වසර ගණනාවක සිට පවතින බව කී එම නිලධාරියා සඳහන් කළේ දැඩි අබලන්ව තිබෙන ස්ථානවලට වෙනත් ස්ථානවලින් ලබාගෙන යථා තත්වයට පත්වයට පත්කිරීම මේ වන විට ක්‍රියාත්මක කර තිබෙන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට බෑ. පුද්ගලික අංශයට දීලා දාමු කියලා කෙලින්ම කියන්නකෝ...!
ඒ වුණාට අර මළඉලව් කුළුණෙන් ලැබෙනවනේ මාර ආදායමක්... අනේ මෙහෙමත් ගොන් වහන්සේලා..
අවුරුද්දෙන් භාගයක් වැඩ වර්ජන.හම්බවෙන ආදායම අතිකාල ගෙවන්න .ඉතින් කොහොමද ඕවා නඩත්තු කරන්න ආදායම් හොයන්නේ
සුද්දෝ 1948දී දාලා ගිය ඉහලම තත්වයේ දුම්රිය මාර්ග ටික අවුරුදු 74කට පස්සේ හරියට නඩත්තු කරගන්න බැරිවෙච්ච අසමත් ජාතියක් අපි.