IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


දුම්රිය මගීන්ගේ දුරකථන සොරාගත් අයෙක් මාට්ටු

(ගයාන් සූරිය ආරච්චි)

ගම්පහ සිට දුම්රියෙන් දෙමටගොඩ දක්වා පැමිණ මගීන්ගේ ජංගම දුරකථන සොරාගන්නා සැකකරුවෙකු ඇතුළු දෙදෙනෙකු ජංගම දුරකථන 23 ක්, laptop පරිගණක දෙකක්, ටැබ් පරිගණකයක් ඇතුළු භාණ්ඩ රැසක් සමග අත්අඩංගුවට ගත් බව කොළඹ උතුර අපරාධ කොට්ඨාශය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ග්‍රෑම් පාස් නවගම් පුර ප්‍රදේශයේ පදිංචි 32 සහ 57 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙකි.

මෙම සැකකරු නවගම්පුර, දෙමටගොඩ, ගෑන්ඩ් පාස්, මෝදර ඇතුළු ප්‍රදේශවලින් භාණ්ඩ සොරාගෙන ඇති බවත් ඔහු සොරාගන්නාා භාණ්ඩ දෙවන සැකකරුට ලබාදී මුදල් ලබාගන්නා බවත් පොලිසිය කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු තදින්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවකු වන අතර  දිනකට රුපියල් හය දහසක පමණ මත්ද්‍රව්‍ය පානය කරන බවද පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී පලංචි බට දහයක්, ස්කෙයර් හෝල්ඩින්ග්ස් 6 ක්, ඩ්‍රිල් 4 ක්, ඉනිමගක් සහ බයිසිකලයක් පොලිසිය සොයාගෙන ඇත.

සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී පවසා ඇත්තේ ජාඇල, කඳාන, වත්තල හේකිත්ත, කිරිබත්ගොඩ, කඩවත සහ නිට්ටඹුව යන ප්‍රදේශවලින් මත්ද්‍රව්‍ය පානය කිරීම සඳහා සැකකරුගේ මිතුරන් පැමිණෙන බවත් ඔවුන් විසින් බස් රථවල සොරකම් කරන ජංගම දුරකථන ද රැගෙන විත් තමාට ලබාදී මත්කුඩු පැකට් ලබා ගන්නා බවය.

ඒ අනුව සිදුකළ විමර්ශනවලදී සැකකරුගේ නිවසේ තිබී  සොරා ගන්නා ලද ජංගම දුරකථන, laptop පරිගණක සහ උපකරණ රැසක් පොලිසිය සොයාගනු ලැබීය.

කොළඹ උතුර කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස්ිස් අධිකාරි බුද්ධික සමරපාල මහතාගේ උපදෙස් පරිදි කොළඹ උතුර අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සංජීව මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.

 



අදහස් (2)

දුම්රිය මගීන්ගේ දුරකථන සොරාගත් අයෙක් මාට්ටු

ශාන් Saturday, 02 August 2025 06:36 PM

මත්ද්‍රව්‍ය සමාජයට කොච්චර ලොකු ව්‍යසනයක්ද? පවුල් කැඩෙනවා. තරුණ බාල ජීවිත විනාශ වෙනවා. ගතිගුණ පිරිහෙනවා. සමාජයක් විදියට ගත්තාම ආර්ථිකය අගාධයට යනවා. ආරක්ෂාව පිරිහෙනවා. ලී ක්වාන් යූගෙන් ඇහුවාම මත්ද්‍රව්‍යවලට මරණ දඬුවම දෙන්නේ ඇයි කියලා එතුමා කිව්වා පුළුවන් නම් ජාවාරම් කාරයින්ව 100 පාරක් මරනවා. මොකද ඒ අය විනාශ කරන්නේ එක ජීවිතයක් නෙමේ. මුළු මහත් සමාජයක් කියලා.

:       0       7

m. saman perera Sunday, 03 August 2025 09:35 AM

රත්තරන්ගේ හිතවතෙක්ද දන්නේ නෑ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 10 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site