IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


දුම්රිය පාර දිරයි:කාලසටහනත් වෙනස් වෙයි

(යොහාන් භාසුර)

දුම්රිය කාල සටහන සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට තීරණය කර ඇති බවත් ඒ පිළිබඳ අවසන් තීරණය හෙට (21) ගැනීමට නියමිත බවත් දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්. ඒ. ඩී. එස්. ගුණසිංහ මහතා ‘ලංකාදීප’යට පැවසීය.

දුම්රිය මාර්ගය අබලන්වීම නිසා වේග සීමා පැනවීමෙන් දුම්රිය ප්‍රමාදයන් පිළිබඳව අවධානය යොමු කර මීට පෙර වෙරළබඩ දුම්රිය මාර්ගයේ කාලසටහන වෙනස් කළ බවත් සෙසු මාර්ගවල ද ඒ ආකාරයෙන්ම වෙලාවේ වෙනසක් කරන බවත් ගුණසිංහ මහතා වැඩි දුරටත් කීය.

 



අදහස් (4)

දුම්රිය පාර දිරයි:කාලසටහනත් වෙනස් වෙයි

කල්පනා Sunday, 20 November 2022 01:02 PM

ඔව් ඉතින් සුද්දා ලංකාව අත්හැර ගොස් පෙබරවාරි වෙනකොට අවුරුදු 75ක් වෙනවා. ඉතින් ඔය කෝච්චි පාරවල් හදලා තියෙන්නේ සුද්දගේ කාලෙට ගැලපෙන ආකාරයට තමයි. ඒකනේ 1976 වෙනවිට නිතර නිතර වැස්ස වහින (රත්නපුර) කැළනිවැලි දුම්රිය මාර්ගය අබලන් කියලා වසා දැම්මේ. අපි අනෙක් ටිකත් වහලා ඉඩම් ටික යාලුවන්ට දීලා අධිවේගී පාරවල් ටිකක් හදමුකෝ... එතකොට අවශ්‍යවෙන බස් යොදවා රැකියා දෙන්නත් පුළුවන් වේවි. අනෙක් වාහන වලටත් කොපමණ රැකියා දෙන්න පුළුවන්ද? එහෙමනේ අපි රැකියා ප්‍රශ්න විසඳන්නේ...!

:       3       27

Sunil Sunday, 20 November 2022 01:07 PM

1956 දී, රම්පාලා මහත්තයාගේ කාලෙදී, යාල්දේවි සීඝ්‍රගාමී දුම්රිය හඳුන්වා දුන්විට උතුරේ ජනතාව ඉතාමත් සතුටු වුණා. පැය 7කින් කොළඹ සිට යාපනයට යෑමට හැකිවීම පිළිබඳව මෙයට දින කීපයකට පෙර එම දුම්රියම කොළඹ සිට යාපනයට යාමට පැය 12ක් ගතවී තිබුණා. වසර 66කදී දුම්රිය දෙපාර්තමේන්තුව ලැබූ දියුණුව ප්‍රශංසනීයයි.

:       0       27

UK RAN Sunday, 20 November 2022 02:55 PM

ඔය සීජීආර් එකේ සමිතිකාරයින් ටික ඉන්නකන් ඕකේ ප්‍රශ්න... ඕක පුද්ගලීකරණය කරන්න ඕනෑ ඉක්මණට. එතකොට හරියට වැඩකරයි... ඔය වැඩේ නොකරන්නේ කාලකණ්ණි තමයි.

:       2       23

amila Sunday, 20 November 2022 06:19 PM

වැඩ කරන සෙට් එකයි.., මළකඩ කාපු දුම්රිය ටිකයි එක්ක විකුණන්න ඕනෑ වෙන රටකට...

:       0       18

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site