(යොහාන් භාසුර)
වෙරළබඩ දුම්රිය සහ ප්‍රධාන දුම්රිය මාර්ගවල දුම්රිය දෙකක් කාර්මික දෝෂයට ලක් වීමෙන් මේ වන විට එම මාර්ග දෙකේ දැඩි දුම්රිය ප්‍රමාදයක් ඇති වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව උසස් නිළධාරියෙකු පැවසීය.
වෙරළබඩ දුම්රිය මාර්ගයේ බම්බලපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රියක් කාර්මික දෝෂයකට ලක්ව ඇති බවත් ප්‍රධාන දුම්රිය මාර්ගයේ ගම්පහ සහ කොළඹ කොටුව අතර දුම්රියක් කාර්මික දෝෂයට ලක්ව ඇති බවත් එම නිලධාරියා සඳහන් කළේය.
මෙම තත්වය හේතුවෙන් බම්බලපිටිය දුම්රිය ස්ථානය අසල දුම්රිය කිහිපයක්ම එක දිගට නවතා ඇති බව ද එම නිලධාරියා වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම අගෙයි. සම්පූර්ණ රාජ්‍ය පරිපාලන යාන්ත්‍රණයම දැඩි ලෙස බිඳ වැටිලා...
ඉදිරිමාස කිපයේදී මෙවැනි දේ බලාපොරොත්තු විය යුතුයි. 3% වැඩ තමයි...
දුම්රිය අනෙක් වාහන වගේ කාපට් මාර්ගවල යන්නේ නැහැ. ඒවා යන්නේ කොටඋඩ තමයි. ඒකෙ තියෙන විශේෂත්වය මොකක්ද?