IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


දුම්රිය ටිකට් විභාගකරු අල්ලස් දැලේ කොටුවේ

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සංචාරක ප්‍රවේශපත්‍ර විභාගකරුවකු රුපියල් 1500/= ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි.

කැලණිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අදාළව සැකකරු අත්අඩංගුවටට ගෙන ඇත.

පැමිණිලිකරු වලංගු ප්‍රවේශපත්‍රයක් නොමැතිව ඉකුත් මස 28 වෙනි දින කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානය හරහා ගමන් කළ බවට චෝදනා කරමින් පැමිණිලිකරුගේ ජාතික හැඳුනුම්පත භාරයට ගෙන එසේ භාරයට ගත් හැඳුනුම්පත නැවත පැමිණිලිකරුට ලබාදීම සඳහා රුපියල් 3000/= ක් ඉල්ලා එකී මුදල රුපියල් 1500/= දක්වා අඩු කර අල්ලස් ලෙස ලබා ගැනීමේ චෝදනාව මත සැකකාර සංචාරක ප්‍රවේශපත්‍ර විභාගකරු කොටුව දුම්රිය ස්ථානයේ වේදිකා අංක 7-8 හි පිහිටි සංචාරක ප්‍රවේශ පත්‍ර පරීක්ෂක කාර්යාලය තුළදී අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

 



අදහස් (2)

දුම්රිය ටිකට් විභාගකරු අල්ලස් දැලේ කොටුවේ

Nimal 1 Saturday, 03 May 2025 04:45 AM

රාජ්‍ය සේවයේ සිටින අසමජ්ජාති කල්ලිය... ඔක්කොම රට හොරු...

:       0       0

Chinthaka Saturday, 03 May 2025 07:01 AM

ඕවා තමයි වෙන්න ඕනෑ, ඔක්කෝම අල්ලස් ගන්න එවුන් කොටු කරලා රස්සාව නැති කරවන්නම ඕනෑ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 295 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site