(ඩයනා උදයංගනී)

දුම්රිය ගාස්තු සංශෝධනය කිරීම සඳහා ද ඊයේ (14)  කැබිනට් මණ්ඩල  පූර්ව අනුමැතිය හිමිවූ බවත් ඒ අනුව ඉදිරියේදී දුම්රිය ගාස්තු ද සුළු වශයෙන් හෝ සංශෝධනය කරන බවත් ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.

ඉන්ධන මිල ඉහළයාම හේතුවෙන් දුම්රිය ගාස්තු සුළු වශයෙන් හෝ වැඩි නොකළොත් ඉන්ධන වියදම හෝ පියවා ගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුවට නොහැකි වන බව ද අමාත්‍යවරයා කීවේය.

 අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (15) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.