(යොහාන් භාසුර)
නගරාන්තර, දුරගමන් සේවා සහ විශේෂ සීඝ්‍රගාමී දුම්රියවල ප්‍රවේශපත් ගාස්තු කිසිඳු දැනුවත් කිරීමකින් තොරව ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දමා ඇති බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා අද (24) පැවසීය.
ඇතැම් දුම්රියවල ගාස්තු සියයට 60 කින් සහ ඇතැම් ගාස්තු සියයට 50 කින් ඉහළ දමා ඇති බව කී සුමේධ සෝමරත්න මහතා මෙම ගාස්තු ඉහළ දැමීමට වෘත්තීය සමිතියක් ලෙස විරුද්ධ බව ද සඳහන් කළේය.
දුම්රිය දෙපාර්තමේන්තුවේ සම්ප්‍රදායට අනුව ගාස්තු වැඩිකිරීම මාසයේ මුල් දිනයේ කළ ද ඉතිහාසයේ පළමු වරට වර්තමාන දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ක්‍රමවේදයකින් තොරව ගාස්තු ඉහළ දමා ඇති බවත් ඒ පිළිබඳව ප්‍රවේශපත් නිකුත් කරන දුම්රිය ස්ථානධිපතිවරු දැනුවත් නොකර, වේශපත් වෙන්කිරීම් කරන දුම්රිය ස්ථානවලට පමණක් අද අළුයම 1.00 ට දැනුම්දීමක් කර ඇති බවත් සෝමරත්න මහතා කීය.
රටේ පවතින තත්වය මත මේ මොහොතේ වැඩවර්ජනයකට යෑම සුදුසු නොවන බව කී සෝමරත්න මහතා පැවසුවේ සාමාන්‍ය ප්‍රවේශපත් සහ වාර ප්‍රවේශපත් ගාස්තු ද වැඩි කිරීමේ අවදානමක් පවතින බවත්ය.
සාමාන්‍ය මගියාට පෙරවරු 10.00 ට ප්‍රවේශපත් වෙන්කිරීමට අන්තර්ජාලය විවෘත වුවද ඇතැම් නිලධාරීන්ගේ උවමනාව මත අළුයම 5.00 ට ප්‍රවේශපත් නිකුත් වන බවත් ඒ අනුව වෙන්කරන ආසන සම්බන්ධයෙන් දැඩි ප්‍රශ්නයක් මතුව ඇති බවත් ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් ජාලයෙන් ආසන වෙන් කිරීමට උත්සාහ දැරූවත් මේ පුවත සත්‍ය බව වැටහේවි. සමහර ගාස්තු 67%කින් වැඩිකර ඇත. මේ පිළිබඳව කිසිඳු පූර්ව දැනුම් දීමක් සිදුකළේ නැත. නින්දිත රජයකි...
නන්දසේන, මොලහතේ කෙනා, මහින්ද ඉදිරියට තවත් සහන දෙනවයි කිව්වා නේද? ඔන්න දුන්නා තවත් හොඳ ලොකු සහනයක්... තව හොඳ හොඳ සහන ඉදිරියට බලාපොරොත්තු වන්න.
මේ මනුස්සයාගේ තියෙන ගොබ්බ අදහස් මේ ප්‍රවෘත්තියෙන්ම පේනවා. ගාස්තු වැඩිකරන්නේ නැතුව කොහොමද ආයතනයක් පවත්වාගෙන යන්නේ? අනික අන්තර්ජාල ප්‍රවේශපත්‍ර විකුණන්න වෙලාවල් තියෙනවා කියලා ඔය ඇහුවාමයි... ඒකෙන්ම පේනවා මේ නිලධාරින්ගේ තරම... මේ රටට වෙලා තියෙන විනාශයට මේ දියව් දියව් කියලා මතුරන නිලධාරි පැලැන්තියත් සම්පූර්ණයෙන් වගකියන්න ඕනෑ...