(යොහාන් භාසුර)

දුම්රිය ගාස්තු ඉහළ දැමීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණ ද ගාස්තු ඉහළ දැමීමට තවත් සතියකට අධික කාලයක් ගතවනු ඇති බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ) වජිර පොල්වත්තගේ මහතා අද (30) පැවසීය.

දුම්රිය ගාස්තු ඉහළ දැමීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ ලේඛන නිල වශයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට ලැබීමේ සිට නීතිමය පියවර රැසක් ඇති බව කී පොල්වත්තගේ මහතා එම කටයුතු ඉටුකිරීමට සතියකට වැඩි කාලයක් ගතවන බව ද සඳහන් කළේය.