IMG-LOGO

දුම්රිය ගාස්තු ඉහළ දැමීම ඇමති අණින් නවතී

(ඉන්දිකා රාමනායක)

පුර්ව දැනුම් දීමකින් තොරව විශේෂ දුම්රිය හා නගරාන්තර දුම්රියවල ගාස්තු සංශෝධනය කිරීමට ගෙන ඇති තීරණය අත්හිටවු බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

නගරාන්තර සීග්‍රගාමී දුම්රියවල හා දුර ගමන් සේවා විශේෂ දුම්රියයන් වල ප්‍රවේශපත්‍ර ගාස්තුව ඉහල නැංවීම සම්බන්ධයෙන් සංශෝදන සංඛාලේඛන අමාත්‍යාංශය වෙත ලැබීමට පෙර යම් විදිහකින් මාධ්‍ය වෙත නිකුත් වී ඇති බවත්, එය වැරදි ක්‍රියාවක් බවත්, අමාත්‍යවරයා කියා සිටියේය.

ගාස්තු සංශෝධන සම්බන්ධයෙන් අද රාත්‍රියේ සාකච්ඡා පැවත්වීමට නිමිතව ඇති බවත්, එම සාකච්ඡාවෙන් අනතුරුව සදුදා දින සිට නව දුම්රිය ගාස්තු ඉහළ නැංවීමට බලා පොරොත්තු වන බවද අමාත්‍යවරයා කියා සිටියේය.

කිසිදු දුමිරිය ගාස්තුවක් ඊයේ රාත්‍රියේ 12.00 සිට  ඉහළ නොයන බවද හෙතෙම කීය. දුම්රිය ගාස්තු විශාල වශයෙන් මිළ ඉහළ දැමීමට අදහස් නොකරන බවත්, ඉන්ධන මිළ පියවා ගැනීමට අවශ්‍ය ගාස්තු පමණක් ඉහළ නංවන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

 



අදහස් (3)

දුම්රිය ගාස්තු ඉහළ දැමීම ඇමති අණින් නවතී

chandima Thursday, 24 March 2022 06:52 PM

මාරයි, හරියට ප්‍රාතිහාර්යක් වගේ වැඩක්...!!! 

:       12       7

මැජික් Thursday, 24 March 2022 11:12 PM

ඇත්තටම ඉගෙන ගැනීම වැඩක් නැහැ කියනවා වගේ දෙයක් මේ... පුදුමෙ කියන්නේ අණ දීමෙන් පුද්ගලයින් පාලනය කිරීම පැරණි නූගතුන්ගේ උපායක්. දැක්මක් නැති ජනතාව පත්කරන්නේ තමන්ගේ කරට අතදාපු අයව. මේ වගේ මෝඩ තීරණවල අවසානයක් තියනවා. ඒ තමා මේ...

:       0       4

සොරිසේන Friday, 25 March 2022 07:34 AM

දැන් මෙයා තමයි ''ජනතාව වැඩි දුම්රිය ගාස්තු වලින් බේරාගත් ජාතික වීරයා'' කියලා බයියෝ ටික ප්‍රශස්ති ගී ගායනා කරයි.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 492 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 656 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 270 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site