
(පුෂ්ප කුමාර මල්ලව ආරච්චි)
මීරිගම හා විල්වත්ත දුම්රිය ස්ථාන අතර කොටසේදී අද( 27) පරීක්ෂණ ධාවනයක යෙදුණු දුම්රිය ඇන්ජිමක්, මාර්ග නඩත්තු කටයුතු කරමින් තිබූ බැකෝ යන්ත්‍රයක් හා ගැටීමෙන් දුම්රිය ධාවනය එක්මාර්ගයක පමණක් සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
බැකෝ යන්ත්‍රය හා සේවක පිරිසක් දුම්රිය මාර්ගයේ නඩත්තු කටයුතු කරමින් සිටියදී පරීක්ෂණ ධාවනයක යොදවා තිබූ දුම්රිය ඇන්ජිමේ ගැටීම නිසා මේ තත්ත්වය උදාවී ඇත.
මෙම ගැටුම හේතුවෙන් එක් දුම්රිය මාර්ගයක ගමනාගමන කටයුතු තාවකාලිකව ඇනහිට පවතින අතර දුම්රියට හා බැකෝ යන්ත්‍රයට සුළු වශයෙන් අලාභ සිදුවී ඇතැයි පොලිසිය සඳහන් කරයි.
බැකෝ යන්තර ක්‍රියාකරු හෝ ඒ අවස්ථාවේ සේවයේ යෙදී සිටි සේවකයින් කිසිවකුටවත් මෙම සිද්ධියෙන් අනතුරක් සිදුවී නැතැයි ද කළ විමසීමේදී පොලිසිය සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුම්රිය රියදුරන් නිදාගෙනද දන්නේ නැහැ ඉඳලා තියෙන්නේ. එහෙම නැත්නම් හප්පන එකත් පරීක්ෂණයේ අංගයක් හැටියට සඳහන් කරලා තිබුණා වෙන්න ඇතිද?