
(යොහාන් භාසුර)
දුම්රිය ධාවනය සතියක් දෙකක් හෝ නවතා මෙරට දුම්රිය සේවය හදන බවත් දුම්රිය අවලංගු කිරීම පැහැදිළිවම සැළසුම්සහගත කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවත් ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා අද (26) පැවසීය.
කොළඹ වරාය අමාත්‍යංශයේදී අද විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා එසේ පැවසීය.
මෙම දුම්රිය ගමන්වාර අවලංගු කිරීම පිටුපස පැහැදිළිවම දේශපාලන ඇති බවත් මෙම දුම්රිය අවලංගු කිරීම ආරම්භ කළ රියදුරන් කවුරුන්ද යන්න නම් වශයෙන් දන්නා බවත් ඒ මහතා කීය.
දුම්රිය අවලංගුවීමට හේතු වූ රියදුරු මහත්වරුන්ගෙන් අනිවාර්යෙන්ම නිදහසට කරුණු විමසන බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙඩ නිවාඩු දැමීමට හේතුව විමසන බව ද සඳහන් කළේය.
රියදුරන් මෙතරම් සංක්‍යාවක් එකවර අසනීප වීමට හැකියාවක් නොමැති බවත් එම සිද්ධිය සම්බන්ධ උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මොන විහිළු කතාද? මේ සිද්ධිය දේශපාලන කුමන්ත්‍රණයක් බව කියන එකම විහිළුවක්. ලංකාවේ වැඩිම පිරිසක් පහුගිය කාලේ වර්ජන වලට මෙහෙයවපු පක්ෂයක් කියනවා මේක දේශපාලන කුමන්ත්‍රණයක්ලු. ඉතින් එහෙනම්... මුලින් දුම්රිය සේවය හදන්න පෙර ඒ කුමන්ත්‍රණය ගැන හොයනවාලා. නැත්නම් ඊට වඩා දේවල් වුණාම කියන්න ඒවා නැතිවෙයි...
AKD, මාලිමා රජයත්, වෘත්තීය සමිති අතරත් පැවති මධුසමය අවසානයේ පෙර නිමිතිද මෙවැනි ලෙඩ නිවාඩු ප්‍රශ්න? දුම්රිය, මගී ප්‍රවාහන සේවාවන්ට අමතරව රොහල් කාර්ය මණ්ඩල කරන මෙවැනි හදිසි වැඩ වර්ජන වලින් රජයට පාඩම් ඉගැන්වීමට නොහැකි බවත්, ඒවායින් පීඩා විඳින්නේ මහජනතාව බවත් ඔවුන්ට නොතේරේනම්, රජය ඔවුන්ට තේරෙන භාෂාවකින් කියා දිය යුතුයි.
ඇත්තද? එතකොට අවුරුදු 50ක් ඔයාලා කළේ ඇයි?
රටට වුණු පාඩුව ඔවුන්ගෙන් අයකර ගන්න. මහමොලකරු සොයා රටට දැනුවත් කරන්න...!
වගකිව යුතු කට්ටියගේ ක්‍රියාමාර්ග සංවිධානය කරන අයට රජයට සහ ජනතාවට එරෙහිව කටයුතු කර කල පූර්ණ අලාභය අයකිරීමට නඩු පැවරීමට බැරිද?
255 ගල්කිස්ස - කොට්ටාව බස් සේවය නම් කුජීතයි, බස් මදි, පිළියන්දල නතර කරන්නේ නෑ හරියට...
උන්ගේ බේත උන්ටම කැවුනාම තමයි වේදනාව දැනෙන්නේ, පහුගිය කාලේ උඩ පැනගෙන වර්ජන කරලා ආර්ථිකය වනසපු උන් දැන් කෙඳිරි ගානවා, බු හා හහ
කටින්ද කියන්නේ? මිට කලින් කිවුවේ වෘර්තිය අයිතිවාසකමක් කියලනේ. අනේ ඔය සහෝදර වරුන්ගේ ඉල්ලිම් ටික දිලා දාල . මොන රෙද්දෙන් හරි කෝච්චි දුව පල්ලා.
ඇමති තුමෝ අනිවාරෙන්ම මේවට නිසි පියවරක් ගත යුතුයි. හිත මතම සේවය පැහැර හරිනවානම් එයාලගේ සේවය අත්හිටවන්න ඕනි. මිනිසුන් බිල්ලට තියලා නාඩගන් නටන්න දෙන්න බැහැ. කාලකන්ණි නැති රාජ්‍ය සේවයක්, තමන්ගේ රැකියාවේ වගකීම දන්නා පිරිසක් හදාගන්නකල් රටක් ගොඩයනවා කියන එක බොරු...
රජයේ සේවකයින්ගේ අසනීප නිවාඩු සඳහා, රජයේ රෝහල්වලින් පමණක් ලබා ගන්නා අසනීප නිවාඩු සහතිකයක් අනිවාර්ය කල යුතු වේ
වෛද්‍ය විදුලි ඉංජිනේරු හා දුම්රිය රියදුරු වෘත්තීය සමිති මාෆියාව වහාම පරාජය කළ යුතුයි. සතියක් නොවේ මාසයක් හරි කෝච්චි දුවන එක නවත්වලා මේවාට බෙහෙත් දෙමු...
කරන කලට පව් මිහිරිය මී සේ... විඳින කලට දුක් දැඩ්වේ ගිනිසේ.
දුම්රිය සේවකයින්ගේ වැඩ වර්ජන නිරන්තරයෙන්ම අහන්ඩ, දකින්ඩ ලැබෙනවා. මේ දේවල් නිසා ඉතාමත් අපහසුතාවයට පත් වෙන්නේ සාමාන්‍ය ජනතාවයි.. හමුදා නිලධාරීන්වත් පත්කරලා විසඳුමක් දීමයි කරන්න තියෙන්නේ..?
දැන් තේරෙනවා නේද ඔය වර්ජන වල රගේ . කලින් ආන්ඩු තියන කාලේ ඔය වගෙ කීවෙ නැත. 365 දවසේම මුන් මිනිස්සු කුලප්පු කර කර පාරට බැස්සුවා. ඕවා තමා දිට්ටදම්ම් වේදනීය කර්මය කියන්නෙ.