IMG-LOGO

දුම්රියේ අරක්ෂක තනතුරු 200ක් හිස්

(මහින්ද නිශ්ශංක) 

දුම්රිය ආරක්ෂක හමුදාවට අලුතින් ආරක්ෂක නිලධාරීන් බඳවා ගැනීම සඳහා පවත්වන ලද  තරඟ විභාගයෙන් හා සම්මුඛ පරීක්ෂණයෙන් සමත් වූ 178 දෙනකු තෝරාගෙන වසර දෙකක් පමණ ගතවි ඇතත් ඔවුනට පත්වීම් ලිපි ලබාදීමට මෙතෙක් පියවර ගෙන නැතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.

මේ හේතුවෙන් දැනටමත් ආරක්ෂක නිලධාරීන් 200කට වැඩි පුරප්පාඩු පවතින දුම්රිය ආරක්ෂක සේවය පවත්වාගෙන යාමේ දැඩි දුෂ්කරතාවයක් පැන නැඟී ඇතැයිද දැනගන්නට ඇත.

මෙම 178 දෙනාට පත්වීම් ලිපි පවා සකස්කර දුම්රිය දෙපාර්තමේන්තුවේ පත්වීම් ශාඛාවේ රඳවාගෙන තිබෙන බවත් එම පත්වීම් ලිපි 178 දෙනා වෙත යැවීම සඳහා තැපෑලට බාර නොදෙන්නේ මුදල් අමාත්‍යංශයේ නියෝගයක් නිසා බව මේ සම්බන්දව කළ විමසීමකදී දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරයෙක් පැවැසීය.

දුම්රිය ආරක්ෂක හමුදාවේ පවතින පුරප්පාඩු 200කට වැඩි සංඛ්‍යාවක් පිරවීම සඳහා විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වන ලද මෙම තරඟ විභාගයට 11100ක් පමණ පිරිසක් පෙනී සිටි අතර ඉන් ඉහළම ලකුණු ලබාගත් 360 කින් සම්මුඛ පරික්ෂණයකට යොමු කොට මෙම 178 දෙනා තෝරා ගෙන තිබේ.

මෙම තරඟවිභාගයට රුපියල් ලක්ෂ 20ක් පමණ වැය වී ඇතැයි වාර්තා වේ.



අදහස් (0)

දුම්රියේ අරක්ෂක තනතුරු 200ක් හිස්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 729 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 361 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site