
(නිමල කොඩිතුවක්කු)
දුම්රිය දෙපාර්තමේන්තුවේ සියළුම අංගනවල තිබෙන පරණ යකඩ ඇතුළු අබිලි ද්‍රව්‍ය මාස තුනක් ඇතුලත නිසි ටෙන්ඩර් ක්‍රමවේදයන්ට අනුව අලෙවි කිරිමට කටයුතු කරන ලෙස ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාට අද (25) උපදෙස් දෙනු ලැබීය.
දෙමටගොඩ පිහිටි දුම්රිය යාන්ත්‍රික ඉංජිනේරු අංගනයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ඇය මේ බව පැවසුවාය.
මෙවැනි අබිලි ද්‍රව්‍ය මෙටි්රක් ටොන් 7000ක් පමණ දෙපාර්තමේන්තුවේ අංගනවල තිබෙන බවත් එහිදී අණාවරනය විය.
ඒවා අලෙවි කිරිම තුළින් 2022 වසරේ දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 700ක් පමණ උපයා ගැනීමට අපේක්ෂා කෙරේ.
දෛනිකව දුම්රිය සේවාවන් පවත්වාගෙන යාම සඳහා සිදු කෙරෙන අලුත්වැඩියාවන්, දුම්රිය පිලිපැනීම්වලදි සිදු කෙරෙන නඩත්තු කටයුතු, හදිසි ආපදාවන් වැනි කාර්යයන් දෙමටගොඩ යාන්ත්‍රික දුම්රිය අංගනය මගින් සිදු කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයේ ආයතනවල ජාතික සම්පත් නාස්තිය වැළකී සකසුරුමට පෙරලෙන්න රට බංකොළොත් වෙනකම්ම හිටියා.. ඒකෙන් ජාතියක ඇති මෝඩකම ප්‍රදර්ශනය කරනවා නොවේද? අපිව ආවඩා ගන්නේ නැතිව දියුණු ලෝකයට ගැලපෙන පිළිවල රාජ්‍යය සේවයටත් අවශ්‍යයි...!
නායකයා ඇඟිල්ලෙන් ඇන ඇන ඔක්කොම කියන්න ඕනෙද? නිලධාරින් මොකටද?
ඔන්න හරි දැන් ඉතින් දේශපාලු කාක්කෝ කෙළ හලාගෙන පියාඹයි. නිසි තක්සේරු වාර්තාවකින් පසුව පමණක් ටෙන්ඩර් කැඳවීම කරන්න. අවම ලංසුව රාජ්‍ය තක්සේරු වාර්තාව ලෙස සලකන්න. නැතිනම් හොඳ පාවිච්චියට ගත හැකි වෙන්නත් පිළිවන්...
දුම්රිය ඇතුලේ දාලායන බෝතල් පත්තරත් විකුණමු...
ඔය රජයේ වැඩබිම්වල නඩත්තු අංශවල වැඩ පාලකවරු එහෙමත් නැතිනම් කලමණාකරුවන් සිටිනවා. මේ අය නිදාගෙනද ඉන්නේ? මොලේ වැඩකරන්නේ නැතිද? අමාත්‍යවරයෙක්/ වරියක්, නැතිනම් රටේ ප්‍රධානියා ඇවිල්ලා කියන්නම ඕනෙද වැඩකරන්න ඕනේ කොහොමද කියලා...?
ලංකා රජයේ දුම්රිය දෙපාර්තමේන්තුවට මෙම ද්‍රව්‍ය වානේ ප්‍රතිචක්‍රීකරණය සඳහා ලංකා වානේ සංස්ථාවට අලෙවි කළ හැකි අතර එමඟින් ඔවුන්ට විශාල මුදලක් ඉතිරි කර ගත හැකියි.
අයියෝ හොඳටම බංකොළොත් වෙලා වගේ... මේ අය රට කාපු කැවිල්ලට... ඔයටිකවත් ඉතුරු වුණු එක පුදුමයි.
ඉස්සර ගලවන සිල්ලර කොට, පීලි වෙන්දේසියට දාලා විකුණනවා. අපිත් කම්බි කණු පාවිච්චියට අරගෙන තියනවා. දැන් ඒව සේරම බලයේ සිටින ආණ්ඩුවල අය කොල්ල කනවා නොවේද?