IMG-LOGO

දුමින්ද‌ට එරෙහි පෙත්සම් විභාගයෙන් විනිසුරුවරයෙක් ඉවත් වෙයි

(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)

භාරත ලක්ෂ්මන් ප්‍රේමචනද්‍ර මහතා ඇතුළු සිව් පුද්ගල ඝාතන නඩුවේ 11 වන විත්තිකාර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට මරණ දඬුවම නියමකොට තිබියදී ජනාධිපති පොදු සමාවක් යටතේ නිදහස් කිරීමට ජනාධිපතිවරයා විසින් නිකුත් කළ නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති පෙත්සම් විභාගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතා ඉවත් වන බව අද (01) දැනුම් දුන්නේ ය.

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය ඇතුළු තිදෙනකු ගොනුකර මෙම පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය අද (01) යළි විභාගයට ගත් අවස්ථාවේදී මෙන්ම අවස්ථාවේ දී මෙම කරුණු හෙළි විණි.

ප්‍රියන්ත ජයවර්ධන, යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම අද (01) සැලකිල්ලට ගැනිණි.

මීට පෙර නඩු වාරයකදී දුමින්ද සිල්වා මහතාට ලබාදී තිබු ජනාධිපති සමාව ක්‍රියාත්මක කිරීම වළකාලමින් අධිකරණය මගින් අතුරු නියෝගයක් ද නිකුත් කර ඒ මහතා රක්ෂිත බන්ධනාගාර ගතකර ගත කරනු ලැබූ අතර පෙත්සම් විභාගය පැවැත්වීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදී තිබුණි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරනු ලැබ තිබුණේ ඉකුත් 2021 වර්ෂයේ ජූලි මස 20 වැනිදාය.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවට නීතිපතිවරයාත්, අධිකරණ අමාත්‍යවරයා, ආර්. දුමින්ද සිල්වා මහතා සහ නීතිපතිවරයා නම්කර ඇත. 

මහාධිකරණ ත‍්‍රීපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ අදාළ ඝාතනය සම්බන්ධයෙන් පූර්ණ නඩු විභාගයක් පැවැත්වීමෙන් අනතුරුව තුනෙන් දෙකක බහුතර තීන්දුවක් මගින් වගඋත්තරකාර දුමින්ද සිල්වා මහතා වැරදිකරු කරමින් 2016 සැප්තැම්බර් 08 වැනිදා මරණ දණ්ඩනය ලබා දුන් බවත්, එකී මරණ දඬුවමේ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් ඒකමතිකව තහවුරු කර තිබූ බවත් පැමිණිලිකාරිය සිය පෙත්සමෙ සඳහන් කර ඇත.

එසේ තිබියදීත් ජනාධිපතිවරයා විසින් මෙලෙස පොදු සමාවක් ලබා දෙනු ලැබ ඇති බව පෙත්සම්කාරිය සිය පෙත්සමෙ සඳහන් කර තිබුණි .

ඒ අනුව, එම මුදාහැරීම සිදුකර ඇත්තේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් පනවා ඇති ප‍්‍රතිපාදන අනුගමනය කිරීමකින් නොවන බවත් එබැවින් එලෙස මුදාහැරීම ව්‍යවස්ථා විරෝධී වන බව හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය සිය පෙත්සම මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා තිබිණි.



අදහස් (0)

දුමින්ද‌ට එරෙහි පෙත්සම් විභාගයෙන් විනිසුරුවරයෙක් ඉවත් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 384 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 544 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site