(ඉන්දිකා රාමනායක)
දෙමටගොඩ නගරයේ ප්‍රධාන වෙළඳ සැලකින් කිරිපිටි පැකට් දහසකට ආසන්න ප්‍රමාණයක් සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එහි සේවකයන් තිදෙනකු ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු ඊයේ (27) අත්අඩංගුවට ගත් බව දෙමටගොඩ පොලිසිය පවසයි.
සැකකරුවන් මාස 3 ක පමණ කාලයක සිට දිනකට පැකට් 8- 15 අතර ප්රකමාණයක් වශයෙන් සොරාගෙන ගොස් ඇති බවත් මේවායේ වටිනාකම රුපියල් ලක්ෂ 14 කට ආසන්න බවත් පොලිසිය සඳහන් කරයි.
මෙම වෙළඳ සැලේ දෛනිකව එකතු වන කසළ බෑග්වල අසුරා රාත්‍රි කාලයේ සේවකයන් විසින් වෙළදසල ඉදිරියේ තබන බවත් සැකකරුවන් එම කසල මළු අතර මෙම කිරිපිටි කිරිපිටි පැකට් සහිත මල්ලක්ද සඟවා වෙළඳසැල තුළින් කිරිපිටි පැකට් පිටමං කර ඇති බවට පොලිසිය කර තුරු හෙළි කරගෙන ඇත.
වෙළඳසැල සේවකයන් විසින් කසල මළු සමග කිරිපිටි පැකට් ද පොලිතින් මල්ලකට ට දමා රැගෙන විත් කසල ලෙස වෙළඳසැල ඉදිරියෙන් තබන බවත්, එම සේවකයින් දෙමටගොඩ පදිංචි පුද්ගලයාට දුරකථන යෙන් සිද්ධිය දැනුම් දීමෙන් අනතුරුව ඔහු ත්රිැරෝද රථයෙන් එම ස්ථානයට ගොස් කිරි පිටි සහිත බෑගය රැගෙන එන බවට ද පොලිසිය තොරතුරු හෙළි කරග ඇත
2025 දෙසැම්බර් මස 18
365
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දෙමටගොඩ වෙළෙඳසලක කිරිපැකට් 1000කට විදලා