IMG-LOGO

“දෙමටගොඩ රුවන්ගේ” අනියම් බිරිය යළි රිමාන්ඩ්

(නිමන්ති රණසිංහ)

හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් රුපියල් කෝටි ගණන් වටිනා දේපළ උපයා ගනිමින් මුදල් විශුද්ධිකරණ පනත ප්‍රකාරව වරදක් සිදු කළැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රුවන් චමිල නොහොත් “දෙමටගොඩ රුවන්” නමැත්තා සහ ඔහුගේ අනියම් භාර්යාව බව කියන සුබෝධා දයාන්ගනී නමැත්තිය ලබන 18 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද (04) නියෝග කළේය.

මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (04) අධිකරණය හමුවේ යළි කැදවූ අවස්ථාවේදී බන්ධනාගාර ගතව සිටින සැකකරුවන් ස්කයිප් තාක්ෂණය ඔස්සේ නිරීක්ෂණය කළ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

මෙහි දෙවන සැකකාරිය වන සුබෝධා දයාන්ගනී යන අය සන්තකයේ තිබී සොයා ගන්නා ලද කිලෝ දෙකහමාරක් පමණ වන රත්තරං ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙත යවා වාර්තාවක් කැඳවන ලෙස ද මෙහිදී මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

මෙම සිද්ධියට අදාළව තවත් ප්‍රකාශ කිහිපයක් සටහන් කර ගත යුතුව ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන මෙතෙක් අවසන්ව නොමැති බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කඩිනමින් අවසන් කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරමින් ලබන 18 වැනිදා තෙක් සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කළේය.



අදහස් (1)

“දෙමටගොඩ රුවන්ගේ” අනියම් බිරිය යළි රිමාන්ඩ්

sharm warn Monday, 04 April 2022 04:29 PM

අනේ ඔව්... මේ ගොල්ලෝ කරපුවාම විශුද්ධීකරණය. මැදමුලනේ ප්ලෑන් වැඩකරනකොට ඔක්කොම සුද්දයි. පූජනීයයි...

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 149 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 355 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site