
(ගයාන් සූරිය ආරච්චි)
දෙමටගොඩක් ප්‍රදේශයේදී ගිණි අවි 19ක්, පතරම් විසි හතරක් සහ ලක්ෂයකට අධික මත්පෙති අත්අඩංගුවට ගැනීමේ සිද්ධියේ ප්‍රධාන සැකකාරිය සහ සැකකරු කතරගම ප්‍රදේශයේ ලැගුම්හලක සැඟව සිටියදී බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 28 ක් වන වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි යුවලකි.
බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් ඉකුත් 3 දා දෙමටගොඩ පොලිස් වසමේ නිවසක සඟවා තිබියදී මෙරට නිෂ්පාදිත ටී කටස් වර්ගයේ ගිනි අවි 19 ක්, ටී. 56 පතරොම් 24 ක්, මත්පෙති 100,400 ක්, හෙරොයින් ග්‍රෑම් 15 මිලිග්‍රෑම් 200 ක් සමඟ සැකකරුවන් දෙදෙනකු සහ සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබූ අතර එහිදී ප්‍රධාන සැකකරු සහ සැකකාරිය ප්‍රදේශයෙන් පලා ගොස් තිබුණි.
සැකකරුවන් විසින් අපරාධමය කටයුතු වලට භාවිතා කරන ලද බවට සැකකරන ත්‍රීරෝද රථයක්ද පොලිස් භාරයට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd