(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

පුත්තලම දළුව ප්‍රදේශයේ දෙබර කුඩුවක් ඇවිස්සීයාමේන් 10 දෙනෙකුට ආසන්න පිරිසකට දෙබරුන් දෂ්ඨ කිරීමේන් පුත්තලම මුලික රෝහලට අද (20) ඇතුළත් කර ඇති බව කියයි.

මෙසේ දෙබර ප්‍රහාරයකට ලක්ව ඇත්තේ දළුව පදිංචි කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු පිරිසකට බව කියයි.

පොල් ගසක බැද තිබු දෙබර කුඩුවක් ඇවිස්සි යාමේන් පසු ඒ ආසන්නයේ සිටි මෙම පිරිස දෙබර ප්‍රහාරයට ලක්වි ඇති බව කියයි.

දෙබර ප්‍රහාරයට ලක්වු පිරිස  අතර ගැබිනි මවක්ද සිටින බවත් ඇය ඇතුළු පිරිසට අසාධ්‍ය නොවන බව පුත්තලම මුලික රෝහලින් කරන ලද විමසිමකදි පැවසිය.

මේ දිනවල මුහුදේ සුළං සැර වැඩි විමත් සමග දෙබර කුඩුවට පහලින් තිබු වියළි ගිය පොල් අත්තක් වැටී යාමත් සමග දෙබරුන් ඇව්ස්සි ඇති බව පවසති.