(බණ්ඩාර ජයරත්න)

දෙබත්ගම - දිප්පිටිය මාර්ගයේ දෙබත්ගම  ත‍්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප‍්‍රපාතයකට පෙරලිමේන් එහි ගමන් කළ දෙදෙනකු මියගොස් දෙදෙනකු තුවාල ලබා ඇතැයි අරණායක පොලිසිය පවසයි.

අනතුරින් මරණයට පත්ව ඇත්තේ  අපුල්ලනගේ සයිමන්, අපුල්ලනගේ මල්ලිකා නමැති දෙදෙනෙකි.

අනතුරට ලක්වන අවස්ථාවේ ත‍්‍රිරෝද රියෙහි රියදුරු ඇතුළු සිවුදෙනකු ගමන්කර ඇති බවද පොලිසිය පැවසීය.