IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


දන්ත වෛද්‍යවරු විද්‍යාත්මක සැසියක

(අංජුල මහික වීරරත්න)

ලෝක සෞඛ්‍ය සේවාවේ මූලික අංගයක් ලෙස මුඛ සෞඛ්‍යය අර්ථ දැක්විය යුතු බව ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ 92 වන වාර්ෂික විද්‍යාත්මක සැසිවාරය අමතමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.

ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ (SLDA) 92 වන වාර්ෂික විද්‍යාත්මක සැසිවාරය  කොළඹ “සිනමන් ලයිෆ්” හෝටලයේ දී පැවැත්විණි.

“නවෝත්පාදනය සහ ඩිජිටල් පරිවර්තනය වැළඳ ගැනීම” (Embracing Innovation and Digital Transformation) යන්න තේමා කර ගනිමින් මෙවර  ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ (SLDA) 92 වන වාර්ෂික විද්‍යාත්මක සැසිවාරය සංවිධානය කෙරිණි. 

සමාජිකයන් 1,900 ක පමණ  පිරිසකගෙන් යුත් ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය ශ්‍රී ලංකාවේ දන්ත වෛද්‍ය වෘත්තියේ ජාතික සහ මව් ආයතනය වන අතර මුඛ රෝග වැළැක්වීම, මෙරට දන්ත සත්කාර සේවා විධිමත් කිරීම, දන්ත වෛද්‍ය ක්ෂේත්‍රයට අදාළ අධ්‍යාපනය සහ පර්යේෂණවල ඉහළම ප්‍රමිතීන් ආරක්ෂා කිරීමට කටයුතු කිරීම මෙන්ම සංගමයේ  සාමාජිකයින්ගේ වෘත්තීය සංවර්ධනය මෙම සංගමයේ මුලික කාර්යභාර්යන් වේ.

ශ්‍රී ලංකාවේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන් 3,500 ක් පමණ සිටින අතර, බහුතරයක් රජයේ රෝහල්වල සේවය කරනු ලබයි. 300-400 ක් වැනි ප්‍රමාණයක් පෞද්ගලික අංශයේ පමණක් සේවය කරනු ලබයි. 70-80 ක් අතර ප්‍රමාණයක් විශ්ව විද්‍යාල පද්ධතියේ සහ 50-60 ක් පිරිසක් ආරක්ෂක හමුදා අංශවලට සිය සේවා දායකත්වය ලබාදෙනු ලබයි.



අදහස් (0)

දන්ත වෛද්‍යවරු විද්‍යාත්මක සැසියක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 238 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 73 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 773 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site