(දයාසීලි ලියනගේ)
මෙරට පවුල් ලක්ෂයක් දිනපතා ආහාර ලබා ගැනීමට නොහැකිව කුසගින්නේ සිටින බව ආහාර සුරක්ෂිතා කමිටුවේ සභාපති ආචාර්ය සුරේන් බටගොඩ මහතා පවසයි.
මීට අමතරව පවුල් 75,000ක් දිනපතා ආහාරයට ගනනේ කුමක්දැයි නික්ෂිත නොවන තත්තවයක සිටින බවට අනාවරණය වි ඇතැයි ද 40,000ක පෝෂණය ලබා ගන්නේ සේලයින්වලින් බව ද ආහාර සුරක්ෂිතා කමිටු රැස්වීමේදී අනාවරණය වී ඇත.
පවතින අර්බුදයට කඩිනමින් සුදුසු විසැදුම් නොදුනහොත් මෙම තත්ත්වය ඉතා අනතුරු දායක බව ද බටගොඩ මහතා අනාවරණය කළේය.
කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අමරවීර මහතා මෙහිදි ප්‍රකාශ කර සිටියේ රටේ කෘෂිකර්මය මුළුමනින්ම නඟා සිටුවීමට වසරකට ඩොලර් මිලියන 900ක් වැය බව බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ වුණාට රුපියල් 650ක කොත්තුවක් ගන්නත් මම විනාඩි 45 ක් පෝලිමේ හිටියා. එතැනදි දාපු බිල් ඔක්කොම 2500ට වැඩියි. ඔයාලගෙ සංගණන වල මොකක් හරි අඩු පාඩුවක් තියෙනවා. කොච්චර ගාන වැඩි වුණත් බලන්න තෙල් පෝලිමේ ඉන්න සෙනග. මේකට මීට වඩා දත්ත ඕනි. නැතුව මේ ආර්ථික රටාව තේරුම් ගන්න බැහැ.
ලක්ෂයක් කියන්නේ ගාණක්ද? ඇමෙරිකාව ලක්ෂ කීයක් බඩගින්නේ ඉන්නවද? පඩියෙන් භාගයක් රජයට දුන්නා නම් ඉවරයි බිල කියන්නේ නැතිව...
225ටයි අර එකාටයි බඩගින්නෙ ඉන්න වෙන්නෙ නැත්නම් එච්චරයි. නැද්ද??
එහෙම වෙනකන් ඔබලා පොල් ගෑවද?
ඔය කියන ලක්ෂයක් දෙනා අතරට රටවනසන දේශපාලුවේ කීයක් ඇතිද? නිදහස ලැබුණු දා සිට දේශපාලුවෝ හොරකම් කරපු මුදල් අවුරුදු කීයකට කෘෂිකර්මය නගා සිටවිය හැකිද?
බඩගින්නට අරගල කරපු මිනිස්සුන්ට බැන බැන වහල්ලු තවත් කඩේ පලයව්
පොහොර තහනමේ ප්‍රතිඵල. ගෝටාභය, පාදෙණිය , රතන හාමුදුරුවො මේ තත්ත්වයට ඍජුවම වග කියන්න ඕනි. මිනිස්සු බඩගින්න වැඩි වුණාම එයි පාදෙනියව සහ රතන හාමුදුරුවො සොයාගෙන. දැන්ම ෆ්ලැට් එකක් බුක් කරගෙන යන්න සිංගප්පූරු.
පාර්ලිමේන්තුවේ ඉන්න 226 ට ඔය කිසි ප්‍රශ්නයක් නැහැ , කරුමේ කියන්නේ , ඔය දුක විඳින ගමනුත් ලජ්ජා නැතිව රනිල්ට , මහින්දට කඩේ යන වහල්ලු ඉන්නව මේ රටේ.
සෞභාග්‍යයේ දැක්ම කියන්නේ ඕක තමයි.
රටේ ජනතාව අරගල කරන්නේ කුමටදැයි වගේ වගක් නැති පාලකයින් සිටිනා බල ලෝභයෙන් මත්වී සිටිනා පාලකයින් සිටිනා තාක් මේවා අත් විදීමටත් මේ තත්වයන් තව දුරටත් ඉහල යන බවත් සක් සුදක් සේ පැහැදිලිය. මෙවන් වාර්තා ජනතාව අතරට පත් කිරීමට කටයුතු කිරීමෙ මෙම මාධ්‍යට අනේක වාරයක් ස්තූතියි මෙවන් දැනුවත් කිරීම් ඉදිරියටත් ඉටු කිරීමට ඔඹට ශක්තිය ධෛර්යය ලැබේවා!
අතට පයට කම්මැලි මිනිසුන් වෙන්න ඇති. හැම බිම් අඟළකම වගා කරගන්න පුලුවන් රත්තරන් පොළොවක් තියාගෙන බඩගින්නෙ ඉන්න අවශ්‍ය නෑනෙ. ඕන තරම් සාමාන්‍ය රෑකියා තියෙනවා. වැඩකට මිනිහෙක් හොයාගන්න බෑ. තම තමන්ගේ ම වරදින් තමයි බඩගින්නෙ ඉන්නව ඇත්තෙ. අනෙක මේ මහත්වරුන්ගෙ සංඛ්‍යාලේඛන ගැන නම් විශ්වාස කරන්න බෑ.
ඕව හොයන්න වෙලාවක් නෑ මේගොල්ලන්ට. එයාලගේ ගෙවල් හදාගන්න ඕනේ. කොහොමහරි ඊළඟ අවුරුදු දෙක ඇදගන්න විදියක් බලන්න ඕනේ. අරගල කරන මිනිස්සු හිරේ දාන්න ඕනේ. කොයි තරම් දේවල් තියනවද කරන්න. මිනිස්සුන්ට කන්න නැති එක නම් මොනවද ඉතින්.
69ක ප්‍රතිභාව. රාජ පස්ස කෙරුවාව.
ලංකාවේ ඔය කියන තරම් අහේනියක් නැහැ. ඔක්කොම බොරුකාරයෝ. කන්න තිබ්බත් නෑ කියලා තමයි කියන්නේ.
ආණ්ඩුව බලන්නේ ඉතිරි අවුරුදු දෙකෙ කොහොම හරි ඇද ගන්න, හොරකම් ටික වහගන්න.., ජනාධිපති ප්‍රභාකරන්ද, රනිල්ද කියන එක... මිනිස්සු කනවද නැද්ද කියන එක... ඔවුන්ට මෙතැනදී අදාළ නැහැ.
දූෂිත, බලලෝභී, බඩගෝස්තරවාදි දේශපාලුවන් පෙන්වපු ආසියාවේ ආශ්චර්යයි... සෞභාග්‍යයේ දැක්මේ තරම...? දේශපාලුවන්ට නම් අවුලක් නැතුවා. හැමදේම අඩුවක් නැතුව ලැබෙනවා. ජනතාවගේ ඡන්දෙන් බලය අරන් අද ජනතාව නොවිඳිනා දුක් විඳිනවා. මේ වගේ පව්කාර දේශපාලුවන් ඉන්න රටක්..?