(ඩයනා උදයංගනී)
මෙම වසරේ පළමු දින 29 ක කාලයේදී සංචාරකයන් 76,538 දෙනෙකු පැමීණ ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
ඉන් සංචාරකයන්ගෙන් 12,368 දෙනෙකුම පැමිණ ඇත්තේ රුසියානු සමුහාන්ඩුවෙන් වන අතර ඉන්දියාවෙන් 11,028 දෙනෙකු සහ යුක්රේනයෙන් 7,427 දෙනෙකු පැමිණ ඇතැයි ඇමතිවරයා සඳහන් කළේය.
එම කාලයේදී එක්සත් රාජධානියෙන් සංචාරකයන් 6,929 දෙනකු, ජර්මනියෙන් 4,902 දෙනකු, ප්‍රංශයෙන් 3,337 මෙරටට පැමිණ තිබෙන බව ඇමතිවරයා කීවේය.
මීට අමතරව පෝලන්තය, ඕස්ටේ්‍රලියාව, මාලදිවයින හා කසකස්ථානය යන රටවලින් ද සංචාරකයන් පැමිණ ඇත.
පසුගිය වසරේ මෙරටට පැමිණි මුළු සංචාරකයන් සංඛ්‍යාව 194,495 ක් වන අතර එම ජනවාරි මාසයේ පැමිණ ඇත්තේ සංචාරකයන් 1,682 දෙනකු පමණක් බව ඇමතිවරයා පැවසීය.
මෙම වසරේදී සංචාරකයන් ලක්ෂ 11 කට වැඩි ප්‍රමාණයක් මෙරටට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බව ද ප්‍රසන්න රණතුංග මහතා කීවේය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දින 29කදී සංචාරකයන් 76,538ක් ඇවිත්
විපරමා Monday, 31 January 2022 05:15 PM
අනික් රටවල් කෙසේවෙතත් රුසියාවෙන්, යුක්‍රේන් වලින් නම් එන්න ඇති. ඇමැතියා ගණන් හදන ගමන් දවල් හීන දකිනවා...
nimelen Monday, 31 January 2022 05:50 PM
බිත්තර පසන්න
Prabha Monday, 31 January 2022 06:06 PM
පුවතක් දැක්කා රුමේනියාවෙන්.., බල්ගේරියාවෙන් සහ ඇල්බේනියාවෙන් සංචාරකයින් ආවා කියලා. ඔය රටවල් වල ජනගහනයෙන් අඩකට වැඩියෙන් එන්නේ අහිකුණ්ඨිකයෝ... එකම දේ උන්ගේ පොත්ත සුදුපාටයි..
අසංගTuesday, 01 February 2022 09:06 AM
ඒක ඇත්ත. එයාල ලංකාවෙත් කූඩාරම් ගැහුවොත් එලවන්න බැරිවෙනවා. ඇල්බෙනියාවෙ රත්තරන් දත් දාපු නූගත් සූද්දො.
Kumara Monday, 31 January 2022 06:31 PM
මෙයාට පිස්සු තදවෙලාද කොහේද?