
(කේ .බුද්ධික කුමාරසිරි)
කොස්ගම ඉහල කොස්ගම පුස්සැල්ලෑව රබර් කර්මාන්ත ශාලාව අසල දී ගෙල කපා ඝාතනය කරන ලද දෙදරු මවකගේ මළ සිරුරක් අද (23) හමු වූ බව කොස්ගම පොලිසිය පවසයි
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අවිස්සාවෙල්ල පුවක්පිටිය ඇස්වත්ත උතුර නුගගහවත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක වන සේපාලගේ මල්ලිකා සමන්මලී නමැති 49 හැවිරිදි දෙදරු මවකි.
ඝාතනයට ලක් වූ කාන්තාව රබර් කිරි කැපීම රැකියාව ලෙස සිදු කර ඇති බවත් උදෑසන රැකියා ස්ථානයට යමින් සිටියදී කිසිවකු විසින් ඇය පසුපස එළවාගෙන ගොස් තියුණු ආයුධ ප්‍රහාරයක් සිදුකර ඇති බවත් සිදුකළ මූලික විමර්ශනයේදී අනාවරණය වූ බව කොස්ගම පොලිසියේ උසස් නිලධාරියකු පැවසීය.
මෙම ඝාතනයට සම්බන්ධ කිසිදු සැකකරුවෙකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් කොස්ගම පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගැහැණියගේ බෙල්ල කපන්න වගේම කපලා වෙන්කරගෙන පොලීසියකට රැගෙන යන කාලයකට අද රට පත්වෙලා.මොන තරම් වෛරයක්ද මේ ඉටු කරගන්නේ?පිරිමියෙක් මෙවැනි සාහාසිකත්වයට පත් වෙන්න හේතුව?දෙපාර්ශවයේම වගකීම් වගවීම් බරපතල ලෙස උල්ලංගනය වීම තුළින් තවදුරටත් ඉදිරියට ජීවිතය පවත්වා ගෙන යාමට නොහැකි තත්වයක් මෙවැනි ඛේදනීය සිදුවීම් තුලින් බලපානවා. සමස්ථ රටටම ඉතාමත් භයානක තත්වයක් උදාවෙලා.
මනුෂ්‍යකමේ වටිනාකම අවබෝධ කරගත. යුතුයි එහෙම නැතුව මේ වගේ වැඩ කරන අය මේලොවදීම දුක්විඳින්න වෙනවා. දුකට පත්වනවා. කරපු දේ ගැන පසුතැවෙනවා. අද බලන්න හිරගෙදර ඉන්න අය.
දුප්පත් දිරිය කාන්තාවක්... හරිම කණගාටුදායක සිදුවීමක්...